Colombo Today Local News

ටයිකෝට් පැළඳ සාස්තර කියනවා – ක්‍රීම් ගාලා ගමේ ගෑනු කැතවෙලා !

මුදල් උපයා ගැනීම පෙරට දමමින් මිථ්‍යාව වපුරන්න එපා යැයි තමන් මාධ්‍යයෙන් ඉල්ලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (09) ප්‍රකාශ කළේය.

විද්‍යුත් මාධ්‍ය මගින් සාස්තරකරුවන්, රූපලාවන්‍ය විශේෂඥයින් යැයි කියා ගන්නා පුද්ගලයන් ගෙන්වා පවත්වන වැඩසටහන්වලදී “ මෙය මුදල් ගෙවා ප්‍රචාරණය කරන්නක් “ යනුවෙන් හෝ මෙය ඉදිරිපත් කරන්නාගේ මතය ලෙස හෝ යටින් පටියක් පළ කරනා ලෙසද ඒ මහතා ඉල්ලීිමක් කළේය.

එසේ නැතිනම් ජනතාව මෙය අදාළ රූපවාහිනි ආයතනයේ වැඩසටහනක් ලෙස විශ්වාස කරමින් එය විශ්වාස කිරීමට පෙළඹෙන බවද ඔහු කීවේය. මේ නිසා ජොතිෂ්‍යවේදීන් මුදලාලිලා බවට පත්ව ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

අනුර දිසානායක මහතා වැඩිදුරටත් මෙසේද කීය.

අද අපේ සමාජ ජීවිතයට සැලකියයුතු බලපෑමක් කරන්න ජනමාධ්‍ය හේතු වෙලා තියෙනවා. මාධ්‍යවල ප්‍රබලතාවය සමාජ උන්නතිය වෙනුවෙන් යොදා ගත යුතුයි. මාධ්‍ය හැමදාම උදේට පත්තර කියවනවා. ඊට පස්සේ ටයිකෝට් දාන් , රැවුල වවන් ආපු පුද්ගලයන් සාස්තර කියනවා. මේ වැඩසටහන්වල ලියුම් ගොඩක් ගොඩගසා තියෙනවා. අපේ අය නිවෙස්වලට වෙලා ඒ ලියුම් කියවනකම් බලා ඉන්නවා. මේ වැඩසටහන් නොවේ. දැන්වීම්. මේවා විවිධ ආන්දෝලාත්මක ප්‍රකාශ කරමින් ප්‍රසිද්ධිය ලබා ගන්න දරන උත්සහයන්. මාකටින් පැත්තෙන් කියලා මේ වැඩසටහන් කරනවනම් මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලදී කියලවත් කියන්න වැඩසටහන යටින් යොදන්න. එසේ නැත්තනම් එම ‍ජ්‍යෝතිෂ්‍යවේදියාගේ මතයක් ඉදිරිපත්කරන්නේ කියලා හෝ කියන්න.

මාධ්‍ය මගින් රූපලාවන්‍ය වැඩසටහන් කරනවා. මේ වැඩසටහන් පැයභාගයක් තියෙනවා. කවුරු හෝ නිරූපණ ශිල්පියෙක් ගෙන්වලා ඔවුන්ගේ නිෂ්පාදන ඉදිරියෙන් තියලා මේ වැඩසටහන් කරනවා. මේවා බලන් ඉන්න අපේ ගමේ කාන්තාවෝ මේ ක්‍රීම් වර්ග ගාලා කළුවෙලා කැතවෙලා මුණ පුච්චගෙන ඉන්නවා. මේ නිසා මේ වැඩසටහන කරන ආයතනයේ අනුග්‍රහයෙන් බවවත් පවසන්න. ඒ රූපලාවන්‍ය ආයතනය විසින් කැඳවපු නිරූපණ ශිලපිනියක බව මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරන්න.

Related posts

දේශීය කිරිපිටි වැඩිවන මිල මෙන්න

colombotoday

බස් ගාස්තුව සීයට 10 කින් වැඩිකළේ නැත්නම් 24 දා රෑ සිට වර්ජනයක්

colombotoday

“විහිළුවක් වෙන්න බෑ.. මම ගේමට රෙඩී“ – ෆොන්සේකා අලුත් තනතුර සිරාවටම ඉල්ලලා !

colombotoday

කබ්රාල්ට තවදුරටත් රට ගමන් තහනම්

Admin

සජිත් පන්සල් හදන්නේනිධන් තියෙන තැන්වල – අම්පිටියේ සුමනරතන හිමි

colombotoday

ගෝඨාභය රාජපක්ෂ ජනපතිගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් නිවේදනය කරයි

colombotoday