Colombo Today Local News

කෝච්චි නෑ.. සාමාන්‍ය පෙළ සිසුන්, රාජ්‍ය-පෞද්ගලික සේවකයන් අනාථයි !

දුම්රිය සේවකයන් ආරම්භ කර තිබෙන වර්ජනය හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් දැඩි අපහසුතාවට ලක්ව සිටින බව වාර්තා වනවා.

දුම්රිය පමණක් ප්‍රවාහන මාධ්‍ය වූ බොහෝ ප්‍රදේශවල, සහ තදාසන්න ප්‍රදේශවල සිසුන් මෙලෙස දැඩි අපහසුතාවට ලක් වී ඇත. මෙරට විභාග ඉතිහාසයේ දුම්රිය වර්ජනයක් හේතුවෙන් සිසු සිසුවියන්ට බරපතළ බලපෑම් එල්ල වූ ප්‍රථම අවස්ථාව මෙය වෙයි.

ජාතික දුම්රිය සේවක සමිතියේ ලේකම් නිහාල් ගුණරත්න මහතා ඇතුළු නියෝජිත පිරිසක්ද ඊයේ අග්‍රාමාත්‍ය ලේකම් ජේ. දඩල්ලගේ මහතා හමු වී මෙම ප්‍රශ්නය යම් මට්ටමකට හෝ සමථයකට පත් කිරීමටත්, අ.පො.ස. සා.පෙ. විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ගේ ගමනාගමන පහසුකම් අවම වශයෙන් සලසාදීමට උපරිම උත්සාහයක් ගත් අතර තවත් වෘත්තීය සමිතියක් හරස් වීමෙන් එය අසාර්ථක විය. මෙම වර්ජනය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යෑමෙන් රටේ පරිපාලනයට බරපතළ බාධා එල්ලවනු ඇතැයි ලේකම්වරයා සඳහන් කරයි.

දුම්රිය වෘත්තීය සමිත ප්‍රකාශ කරන්නේ, දුම්රිය සේවකයන් මෙම වර්ජනයට තල්ලු කළේ රජයේ බලධාරීන් වන බැවින් ඇතිවන අපහසුතාව සම්බන්ධයෙන් රජය වගකිව යුතු බවයි.

දුම්රිය ප්‍රවාහන ගැටලු මතුවන්නේ නම් නියමිත වේලාවට කලින් තම දරුවා විභාග මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට මවුපියන් අවශ්‍ය පියවර ගත යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කර සිටී.

මේ දුම්රිය වර්ජනය හේතුවෙන් ශ්‍රී ලංගම බස්රථ සේවා යොදවා ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශය පැවසුවද, එසේ බස් රථ නොයෙදීම නිසා කාර්යාල සේවා අවසන් කර තම නිවෙස් බලා යන රජයේ සහ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවෝ රැසක් ඊයේ (12දා) සවස දැඩි දුෂ්කරතාවකට පත්වූ බව ද වාර්තා වේ.

Related posts

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ධුරයෙන් ඉවත් වෙයි.

colombotoday

නල්ලූර් වෙඩිල්ලෙන් මතු වූ “සැබෑ සංහිදියාවේ“, සහෝදරත්වයේ හැගුම්බර කතාව (Video)

colombotoday

පෞද්ගලික අංශයෙත් පඩි වැඩි කරන්නැයි ජනපති ඉල්ලයි

Admin

ලන්ඩන් කොටි ඩයස්පෝරා ප‍්‍රධානියා කටුනායකදීම හරවා යවයි

colombotoday

තෝරාගත් තැපැල් කාර්යාලවල රාත්‍රී කාලයේදී වාහන දඩ ගෙවීමට පහසුකම්

Admin

මිනුවන්ගොඩ ඝාතන සිදු කළ ප්‍රධාන වෙඩික්කරු අල්ලයි

Admin