Colombo Today Local News

දුම්රියේ පඩි වැඩි කළොත් සෞඛ්‍යත් වර්ජණයේ

දුම්රිය දෙපාර්තමේන්තුවට පමණක් වැටුප් වැඩි කළොත් වැටුප් විෂමතාවක් ඇති වී සෞඛ්‍ය සේවා වෘත්තීන් වලට අසාධාරණයක් සිදුවන බවත්, එසේ වුවොත් සෞඛ්‍ය වෘත්තීන් සියල්ල ඒක්වී වැඩ වර්ජණයකට යොමුවන බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි.

එහි සම කැදවුම්කරු සමන් රත්නප්‍රිය පවසන්නේ, 2006 ජුනි 1 වැනිදා වන විට සෞඛ්‍ය වෘත්තීන්වලට වඩා පහළ වැටුප් තලයක සිටි දුම්රිය දෙපාර්තමේන්තුව 2015 අගෝස්තු 1 වැනිදා සිට නව වැටුප් වැඩිවීමක් ලබා ගැනීමෙන් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට අසාධාරණයක් සිදු වූ බවයි.

ඊට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා පසුගිය නොවැම්බර් 22 වැනිදා වැඩ වර්ජනයක නිරත වූ බවද හෙතෙම සඳහන් කළේය. රාජ්‍ය සේවකයන්ට වසර 10කට වරක් උසස්වීම් හිමි වුවත් දුම්රිය දෙපාර්තමේන්තුව උසස්වීම් ලබාදීම වසර 5කට වරක් සිදු කරන බවත්, එම නිසා වැටුප් වැඩි කරන්නේ නම් දුම්රිය දෙපාර්තමේන්තුවට සහ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට එකවර වැටුප් වැඩි කළ යුතු බවද වැඩිදුරටත් ඔහු කියා සිටී.

හෙතෙම මේ බව කියා සිටියේ ඊයේ (12දා) සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ පුංචි බොරැල්ල කාර්යාලයේදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින්ය.

Related posts

නිල රාජ්‍ය සංචාරයකට චීන විදේශ කටයුතු ඇමැතිත් ජුනි මාසයේදී මෙරටට

colombotoday

රන්ජන්ට එරෙහි නඩුව දින තුනක් එක දිගට විභාගයට ගනී… මාධ්‍ය ආයතන හයකට නොතීසි…

colombotoday

හදිසි නීති රෙගුලාසීවලට අදාළ විවාදය ලබන සඳුදා

colombotoday

අරන්තලාව භික්ෂු ඝාතනය ගැන විධිමත් විමර්ශනයක්. නීතිපති අධිකරණයට දන්වයි. – කරුණට සහ පිල්ලයාන්ටත් චෝදනා

colombotoday

ජුලි 1 වනදා සිට බස් ගාස්තු ඉහලට – වාහන තදබදයටත් බද්දක් මගියාට

colombotoday

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක් – විදෙස් ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු තරුණයෙකු රෝහලේ

Admin