Colombo Today Local News

“අසුචි ගොඩක ඉදන් වහසි බස් කීම නවත්තපන්” – මර්වින් සිල්වා සුමන්තිරන්ට සැරටම අමතයි

බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය හා රාජ්‍ය රැකවරණය ලබා දීමට කිසිසේතම එකග නැතැයි දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් කර ඇති ප‍්‍රකාශයට හිටපු ඇමති දේශීය ජනජය පක්ෂයේ නායක මර්වින් සිල්වා මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රතිචාර දක්වා ඇත.

ඔහු විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

ශ්‍රී සම්බුද්ධ දර්ශනයට නිසි තැන ලැබුනේ අද ඊයේ නොව ඉංග්‍රීසි පාලන සමයේද පිළිගත් දෙයකි ……

පිනට ලැබුන මන්ත්‍රී කමේ අරුත නොදත් සුමන්තිරන් එලොව විකාරෙන් දොඩවනවා.

සිංහල රජ දවසේ පටන් සිංහල දීපයේ බෞද්ධ දර්ශනයේ අභිවුර්ධිය සදහා ශ්‍රී දළදා සමිදුන්, ශ්‍රී මහාබෝධීන් වාහන්සේ ආරක්ෂා කරන්න, වෙහෙර විහාරස්ථාන ඉදි කරන්න, රජ කරන රජතුමන් දිවිහිමියෙන් කැපවෙන රටේ ඉතිහාසය නොදනිම හාස්‍යයට කරුණක්, රට දෙකඩ කරන අදහස් ඇති, තම මාතෘත්වය ලබාදුන් මාතෘ භුමිය කෙලෙසන සුමන්තිරන් වැනි උන්ට තේරෙන භාෂාවක් ඇත…..

ඒ භාෂාවෙන් මම දැන් කියන්නම්…..

ද්‍රෝහීන්ගේ පරම්පරාවට නෑකම් කියන, වැදගත් නැති උපතක් හැටියට හදුන්වන, උඹ වැනි කෙනෙකුට පිනට මන්ත්‍රී කම් දෙන ඇත්තන්, බෞද්ධ දර්ශනයට හිමි තැන දීම සදාකාලික රට පාලනය කරන සියලු දෙනාගේ වගකිමයි, එම වගකීම කිසිවෙකුටත් බැහැර කල නොහැක. අසුචි ගොඩක ඉදන් පිනට ලැබුන තනතුරේ හයියට වාසි බස් කීම නවත්තපන්, මෙවැනි වහසිබස් දොඩවන උන්ගේ මුඛයට මුඛවාඩම් දාන්න දැන් කාලය එළෙඹ ඇත.

මම
රුහුණේ උපන්
ආචාර්‍ය මර්වින් සිල්වා
දේශීය ජනජය පක්ෂයේ නායක

Related posts

සංවර්ධන කමිටුවලට සල්ලි දෙනවනම් ගුරුවරුන්ට බිලියන 30 ක් දෙන්න බැරි ඇයි ? ජෝශප් ස්ටාර්ලින් ප්‍රශ්න කරයි.

colombotoday

කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයා ලංකාවට

Admin

ඥානසාර හිමිගෙන් ප්‍රශ්න අහන්න ආ උලමාට කටඋත්තර නැතිවෙන්න නිසි පිළිතුරු

colombotoday

උතුරේ සියළු රජයේ කම්හල්වල, හමුදා හොටල්වල අයිතිය උතුරු පළාත් සභාවට ඉල්ලයි !

colombotoday

ලබන මහ කන්නයේ සිට කාබනික පොහොර නොමිලේ ලබා දීමට කැබිනට් අනුමැතිය

colombotoday

දැදුරුඔයේ ජල මට්ටම ඉහළට… අදත් තද වැසි

Admin