Colombo Today Local News

සේවයට වාර්තා නොකළ හමුදාවේ 9231 ක් අත්අඩංගුවට !

නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම යටතේ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 9231 ක් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

ගෙවීගිය දින 20 ක කාලය තුළදී යුද හමුදා සාමාජිකයන් 2126 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

යුද හමුදා සාමාජිකයන්ට හමුදාවෙන් නීත්‍යනුකූලව ඉවත් වීම සඳහා ඉකුත් ඔක්තෝබර් 23 වැනිදා සිට නොවැම්බර් 22 වැනිදා දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබිණි.

පොදු සමා කාලය අවසන් වීමෙන් අනතුරුව පසුගිය 24 වැනිදා සිට අද (14දා) දිනය දක්වා කාලය තුළදී සිදුකළ අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්වලදී 2126 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොදුවේ මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට අත්අඩංගුවට ගෙන තිබෙන ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 9231 ක ප්‍රමාණයෙන් 1195 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් වන අතර, 181 දෙනෙක් ගුවන් හමුදා සාමාජිකයෝ වෙති.

Related posts

රනිල් සමග වැඩ කරන්න බැරිනම් ජනපති ඉල්ලා අස්විය යුතුයි…

colombotoday

“ඉන්දියාවට අමුඩ ලේන්සු වික්කත් අපි ගොඩ..ETCA වාසිය අපටයි“ – එස්.බී

colombotoday

මහින්දගේ රත්තරං හොයන්න ලියනගේගේ පිහිනුම් තටාකය හෙට හාරයි

colombotoday

මෙරට හමුදා නිලධාරීන් 28කට එරෙහිව පරීක්‍ෂණ අරඹන්න එ. ජා. සංවිධානය ඩොලර් ලක්‍ෂ 28 ක් වෙන් කරයි

colombotoday

“Lanka e News” වෙබ් අඩවිය ලංකාවේ අවහිර කෙරේ !

colombotoday

මේකට සිංහලයොත් වගකිව යුතුයි. – මුස්ලිම් නියෝජිතයෝ අනුර කුමාර හමුවී කියති

colombotoday