Colombo Today Local News

රටේ ඉතිහාසය වෙනස් කරන මැතිවරණය මෙයයි – සාගල

“මැතිවරණය ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ආගම්වාදී සහ ජාතිවාදී හැඟීම් ඇතිවන ආකාරයේ ප්‍රචාර දියත්වන බවට වාර්තා වෙනවා”. ඒ විදියට කටයුතු කරන අයට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව” නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, කිරින්ද – පුහුල්වැල්ල තිහගොඩ, කඹුරුපිටිය, දෙවිනුවර, දික්වැල්ල, මුලටියන සහ වැලිගම යන ප්‍රාදේශීය සභා සඳහා නාම යෝජනා පත්‍ර බාරදීමේ අවස්ථාවට ඊයේ (21) මාතරදී එක්වෙමිනි. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා, පළාත් සභා මන්ත්‍රීවරුන් වන චතුර ගලප්පත්ති, කපිල ගමගේ, ගයාන් සංජිව, චන්දන ප්‍රියන්ත, රන්ජිත් මුණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

වැඩිදුරටත් අමාත්‍යවරයා මෙසේද පැවසීය;

මේ මැතිවරණය රටේ ඉතිහාසය වෙනස්කරන මැතිවරණයක්. අපි එක්සත් ජාතික පක්ෂය විදියට උනන්දු වෙනවා මේ මැතිවරණ ව්‍යාපාරය තුලින් සියලු දේශපාලන පක්ෂවලට ආදර්ශයක් දෙන්න. පොලිතීන් භාවිතයෙන් වලකින ලෙස අපි අපේ අපේක්ෂයන්ට උපදෙස් දීල තියෙනවා. ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිකරගන්න එපා කියල උපදෙස් දුන්නා.

මේ මැතිවරණය අවසන් වෙනකොට ගමේ ජනතාව දෙකට තුනට බෙදිල ඉන්න .බැහැ. තමන්ගේ කැමැත්ත මැතිවරණයේදී ප්‍රකාශකළ හැකි උවත් බෙදීමක් අවශ්‍ය වෙන්නේ නැහැ.මොකද, මේ රටේ සෑම දෙනාම එකට ජීවත්වෙන්න ඕන. අපි අපේ රටේ සංහිඳියාව ගොඩනගන්න කටයුතු කරන අවස්ථාවේදී ගමේ එකමුතුව අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා.

රට සංවර්ධනය කරන්න යන ගමනේ මූලික පදනම වෙන්නේ එකමුතුවයි.ඒ එකමුතුකම ශක්තිමත් කරන මැතිවරණය බවට මේ මැතිවරණය පත්කරගමු කියල අපි අපේ අපේක්ෂයකයන්ට උපදෙස් දීලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය විදියට අපි අනෙකුත් පක්ෂවලිනුත් අපි ඉල්ලා සිටිනවා ඒ වෙනුවෙන් කටයුතු කරමු කියල.

අපි මේ මැතිවරණයේදී කිසිම අවස්ථාවක රථ පෙළපාලි පැමිණියේ නැහැ. අපි මැතිවරණ නීති අනුව කටයුතු කරනවා. ඉදිරියටත් එය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරනවා. නමුත්, සුළු සුළු ප්‍රශ්න තියෙයි නමුත් ඒවා අවම කරගෙන ගම බෙදන්න ඉඩ නොදී තමන්ගේ දේශපාලන මතය ගෞරවනීය ආකාරයෙන් සහ සදාචාරවත්ව කරන්න හැකියාව තියෙන මැතිවරණයක් බවට අපි මේ මැතිවරණය පරිවර්තනය කරගනිමු.

සම්ප්‍රදායක් විදියට මැතිවරණ කටයුතු පිළිබඳව ක්‍රියාත්මක වෙන්නේ පරිපාලනය පිලිබඳ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා, එතුමා මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගේ උපදෙස් අනුව සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන්නත් ඒ සඳහා අවශ්‍ය පිරිස් බලයත් අපි මේ වනවිට යොදවලා තියෙනවා.ඒ වගේම සාධාරණ මැතිවරණයක් සඳහා කටයුතු කලයුතු ආකාරයත් මැතිවරණ කොමිසමේ සභාපතිතුමා විසින් පොලිසියට අවශ්‍ය උපදෙස් ලබාදීලා තියෙනවා. ඒ අනුව සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය සියලුම කටයුතු මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදුකරනවා.”

යනුවෙන් අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වීය.

Related posts

“පරණ දේශපාලනය ගේන්න මම ඉඩදෙන්නේ නැහැ.” – ජනපති කියයි

Admin

තේ කෝප්පයේ මිලත් නගී.. කිරි කෝප්පය 40 පනී !

colombotoday

නිෂ්පාදකයන් බිත්තර මිල අඩු කරන්න බැ කියයි…

Admin

දේශීය ආදායම් පනතට IMF අත තියයි.. සංශෝධනය කරන්න ඉල්ලයි.. සම්බන්ධීකරණය මුදල් අමාත්‍යාංශයෙන් !

colombotoday

“මේ ආණ්ඩුවෙන් විවෘත කරන අවසාන උදාගම මෙය විය හැකියි” – 4 වැනිදා පෙරළිය ගැන සජිත්ගෙන් ඉගියක්

colombotoday

ජනාධිපති සමාව අදාලද නැද්ද සොයා බලා තීරණයක් ගන්නම්. ඥානසාර හිමිට එරෙහි අපෑල කැඳවු අවස්ථාවේ සන්ධ්‍යා එක්නැලිගොඩගේ නීතිඥවරයා කියයි.

colombotoday