Colombo Today Local News

ලංකාවට අහිමිවූ රුසියානු තේ වෙළදපොල අල්ලන්න කෙන්යාව බරටම වැඩ

රුසියාවට තේ අලෙවිය වැඩිකිරීම සඳහා සාකච්ඡා පැවැත්වීමට කෙන්යානු දූත පිරිසක්‌ ලබන ජනවාරියේ මොස්‌කව් නුවරට යාමට නියමිතය.

කෙන්යානු කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ඇතුළු දූත පිරිසක්‌ මේ සාකච්ඡා සඳහා සහභාගී වීමට නියමිතය.

දැනට රුසියාවට තේ සපයන රටවල් අතර කෙන්යාවට හිමිවන්නේ තෙවැනි තැනය. ඉදිරි වසර තුනේදී කළු තේ කිලෝ මිලියන 44 ක්‌ රුසියාවට අපනයන කිරීමට කෙන්යාව බලාපොරොත්තු වන බව විදෙස් වාර්තා පවසයි.

ශ්‍රී ලංකාව රුසියාවට තේ අපනයනය කළ ප්‍රමුඛතම රට වුවත් මොස්‌කව් රජය මගින් පැනවූ තහනම නිසා කෙන්යාව මේ හිස්‌තැන පිරවීමට සූදානම් වේ.

ශ්‍රී ලංකාවෙන් පිටත් කරන ලද තේ පෙට්ටියක කැප්රා කුරුමිණියෙක් හමුවූ බව පවසමින් ශ්‍රී ලංකාවෙන් තේ මිලදී ගැනීම දෙසැම්බර් 18 සිට තාවකාලිකව අත්හිටුවන බව රුසියාව පසුගිය සතියේ නිවේදනය කළේය.

රුසියානු තේ වෙළඳපොළට 23% ක දායකත්වයක් ලංකාව ලබාදෙන අතර, ගතවුන අවුරුද්දේ මාස 9 තුළ තේ කිලෝග්‍රෑම් මිලියන 25ක් රුසියාවට අපනයනය කර තිබේ. ඉන් රුපියල් බිලියන 19 ක ආදායමක් උපයාගෙන ඇති බවද පැවසේ.

කෙසේ වෙතත් තේ තහනම ඉවත් කර ගැනීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රුසියානු ජනාධිපති වැලැද්මීර් පූටීන් වෙත ලිපියක් යවා ඇති බව පැවසෙන අතර, ඒ පිළිබදව සාකච්ඡා කිරීම සදහා දූත පිරිසක් පිටත් කර හැරීමට නියමිතය.

රුසියාව විසින් ශ්‍රී ලංකා තේ ආනයනය කිරීම අත්හිටුවීම සහ ශ්‍රී ලංකා රජය මෙරට තුළ ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කිරීමට ගත් තීරණය අතර සම්බන්ධයක් ඇතැයි වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක මහතා පෙරේදා කියා සිටියේය.

මෙරට අවශ්‍යතාවය සදහා ඇස්බැස්ටෝස් අමුද්‍රව්‍යවලින් 80%ක් පමණ ආනායනය කරන්නේ රුසියාවෙනි.

Related posts

රන්ජන්ගේ හඩපට පිටුපස සැගවුණු ජාත්‍යන්තර න්‍යායපත්‍රයක් !

colombotoday

බැසිල් එක්ක බෑ.. ඔලුව උස්සන්න දෙන්නෑ – පොහොට්ටුවෙන් ඉවත් වූ මන්ත්‍රී කියයි

colombotoday

ප්‍රභාකරන්ගේ රුව සහිත ටීෂර්ට් මහනුවර වෙළදසැලකින් මතුවෙයි !

colombotoday

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති කැඩූ 62ක් අත්අඩංගුවට

colombotoday

වාසු, විමල් සහ උදය ගේ යුගදනවි දිවුරුම් පෙත්සම් ව්‍යවස්ථාවට අනුකූල නොවන බව නීතිපතිවරයා දන්වයි

colombotoday

බැදුම්කර හොරු කවුද? හරියටම කියන්න ජනපති කොමිසම තවත් මාස 3ක් කල් ඉල්ලයි

colombotoday