Colombo Today Local News

ඇමරිකාව ආධාර කැපුවාට අපි බය නෑ.. පලස්තීනය වෙනුවෙන් අපි පෙනී සිටිනවා – රාජිත

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් ඊශ්‍රාලයේ අගනුවර ලෙස පේරුසලම නම් කිරිමට එරෙහිව සියලුම දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් පවත්වන විරෝධතා රැළිය කොළඹ නව නගර ශලාවේ දී ඊයේ (22) පස්වරුවේ පැවැත්විනි.

පලස්තීන සහයෝගිතා සංගමය – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ඒකාබද්ධව මෙම විරෝධතා රැළිය සංවිධානය කර තිබුනි.

විරෝධතා රැළියේ දී ඇමරිකානු ජනාධිපතිවරයාගේ තීරණය හෙළා දකිමින් ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය වෙත බාර දීම සදහා යෝජනාවලියක් මෙම අවස්ථාවට සහභාගි වී සිටි සියලුම දේශපාලන පක්ෂ නියෝජිතයින් විසින් අත්සන් කරන ලදි. එම යෝජනාවලියට ප්‍රථමයෙන් අත්සන් කරනු ලැබුයේ සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසිනි.

මෙහිදී අදහස් දැක්වු පලස්තීන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ත්ව සංගමයේ සභාපති සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා –

“පලස්තීන ජනතාවට සහයෝගය පළ කිරීමේ අරමුණින් මෙම විරෝධතා රැළිය අපි පවත්වනවා. පලස්තීන ජනතාවගේ සාධාරණත්වය වෙනුවෙන් අපි ඉදිරිපත් විය යුතුයි. මමත් බිමල් රත්නායක මන්ත්‍රිතුමත් පලස්තීනයේ කළ සංචාරයක දී එම රටට සිදුව ඇති ඛේදවාචකය සියැසින් දැක ගත්තා. පලස්තීනය වටකරගත් ඊශ්‍රාලය පලස්තීනය තුල යුදෙවු ජනාවාස බිහි කරමින් සිටින අයුරු අපි දැක්කා. මහාමාර්ගවල ඊශ්‍රායල යුධ භටයින් සැරිසරණ අතර, එම රටේ ව්‍යාපෘති ඊශ්‍රාලය විසින් භුක්තිවිදිමින් සිටියා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම වසරේ ජනවාරි මාසයේ දී පලස්තීනයට ඇමරිකාව සිදු කරන ආධිපත්‍යවාදයට එරෙහිව තීරණයක් ගනු ලැබුවා. ලෝක ප්‍රජාවම ඊශ්‍රාලයේ ආක්‍රමණයට එරෙහිව කටයුතු කළා. පලස්තීන සටන්කාමීන් ආයුධ නොමැතිව ඊශ්‍රායල ආධිපත්‍යයට එරෙහිව සටන්වැදුනා. මෙම අසාධාරණය ඉදිරියේ කිසිම රටකට නිශ්ශබ්ද වෙන්න බැහැ. මෙම ආක්‍රමණයට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයත් නැගී සිටියා.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තම ආධිපත්‍ය පතුරුවමින් ඊශ්‍රාලයේ අගනගරය ලෙස ඡෙරුසලම නම් කළා. පලස්තීනයේ තෙල් අවිව් (Tel Aviv) නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඡෙරුසලමට රැගෙන ගියා. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥාප්ති වලට එරෙහිවයි. මෙම ප්‍රඥාප්ති ඉතා බලවත්. මෙය හදුනා නොගැනීම නිසා තමයි පසුගිය රජයට ද වැරදුනේ. ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව ක්‍රියාත්මක වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණය හෙළා දකිනු ලැබුවා. යුරෝපා සංගමය පවා එම තීරණයට විරුද්ධ වුනා. එය ජයග්‍රහණයක්. එය පලස්තීනුවන්ගේ ජයග්‍රහණයක් විතරක් නොව කිසියම් රටක විමුක්තිය වෙනුවෙන් ලැබූ ජයග්‍රහණයක්.

ඇතැම් රටවලට ඇමරිකාව විසින් ලබාදෙන ආධාර නතර කරන බවට එරට රජය ප්‍රකාශ කළේ යැයි මාධ්‍ය වාර්තා කර තිබුනා. ඒ ඇමරිකානු ජනාධිපතිවරයාගේ තීරණයට එරෙහි වන රටවල් වලට බලපාන පරිදියි. තුන්වන ලෝකයේ රටවල්, කුඩා රාජ්‍ය ඇමරිකාවේ ආධාර නොමැති වුවත් පලස්තීනය වෙනුවෙන් නෑගි සිටියා. එය සෑම බලවතෙකුටම හොද පාඩමක්. කොතරම් බලය තිබුනත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බලයට එය යටත් බව මෙමගින් පෙන්නුම් කරනවා.

ශ්‍රී ලංකාව සහ පලස්තීනය මිතුරු රාජ්‍යයන් ලෙස ඉතා ඈත අතීතයේ සිට කටයුතු කරමින් සිටිනවා. ශ්‍රී ලංකාවේ ඇතැම් ගැටලු වලදී ද පලස්තීනය සහයෝගය ලබාදුන්නා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයන් සමයේ දී මෙන්ම හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ කාලයේ දී ද පලස්තීනය වෙනුවෙන් ශ්‍රී ලංකාව පෙනී සිටියා.

ඇමරිකානු ජනාධිපතිවරයා ඊශ්‍රාලයේ අගනුවර ලෙස ඡෙරුසලම නම් කළ අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය රජයේ ස්ථාවරය ප්‍රකාශයට පත් කළා. ඒ ජෙරුසලම ඊශ්‍රාලයේ අගනගරය ලෙස පිළි නොගන්නා බව ප්‍රකාශයට පත් කරමින්. ඇමරිකාවේ තීන්දුවට විරුද්ධව අපි ගත් තීරණය අද ජයගෙන තිබෙනවා. පලස්තීන ජනතාවගේ විමුක්ති අරගලය වෙනුවෙන් ශ්‍රි ලංකාව තවදුරටත් පෙනී සිටිනවා.”

මෙම විරෝධතා රැළියේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබද මහාචාර්ය පුජ්‍ය දබරඅමිල හිමි, මුස්ලිම් ආගමික නායක මවුලවි මුහුමාන් මහතා, හින්දු ආගමික නායක ස්වාමි දර්ශණන් මහතා, ශ්‍රී ලංකා පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති සහ සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා, අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා, ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි මුජබි රහුමාන් මහතා, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් ඩියු ගුණසේකර මහතා, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වෙනුවෙන් ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත උනාමැකෝලි මහත්මිය, ජනමාධ්‍යෙව්දීන් වෙනුවෙන් ජයතිලක ද සිල්වා මහතා සහ මහින්ද හත්තක මහතා, ශ්‍රී ලංකා පලස්තීන මිත්‍රත්ත්ව සංගමය වෙනුවෙන් ඉමිටියාස් බාකීර් මාකර් මහතා, ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති සුහයිර් සෙයිද් මහතා අදහස් පළ කරන ලදි.

Related posts

රාජිත හමුවීමට තරම් දත් රෝගීන් ඒකාබද්ධයේ නෑ – ඩලස්‌ අලහප්පෙරුම

colombotoday

SF ලොක්කාට වෙඩි ප්‍රහාර 8ක් වැදිලා

colombotoday

ගම්පහ සියළු පොලිස් බල ප‍්‍රදේශවලට ඇදිරි නීතිය පනවයි. මීගමුව ප්‍රදේශයේ ජා -ඇළ හා කඳානටත් ඇඳිරිනීතිය

colombotoday

පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට හදිසි පක්ෂ නායක රැස්වීමක්

colombotoday

කොලොන්නාවේ තැපැල් කාර්යාලය 7 ක් වසා දමයි

colombotoday

හිග මුදල් නොගෙවීම නිසා ජනාධිපතිවරයාගේ දුරකථනය විසන්ධිකර දමයි…

colombotoday