Colombo Today Local Newsපුංචි ඡන්දය

හරක් හොරුන්, ජාවාරම්කාරයන්, ස්ත්‍රී දූෂකයන්, නමගිය අපරාධකාරයන්ටත් නාම යෝජනා !

පළාත් පාලන මැතිවරණයේ දී නාමයෝජනා ලබා ඇති පිරිස අතර අපරාධකරුවන් සිටින බව හෙළිවී ඇතැයි පැෆරල් සංවිධානය කියයි.

හරක් හොරුන්, මංකොල්ලකරුවන්, මුදල් වංචාකරුවන්, නීතිවිරෝධී මත්පැනි ජාවාරම්කරුවන් ඇතුළුව විවිධ චෝදනා ලබා සිටින පුද්ගලයින් අපේක්ෂකයන් අතර සිටින බව පැෆරල් සංවිධානය කළ සොයා බැලිම්වලදී හෙළි වී යැයි එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය.

එසේ චෝදනා ලැබු අපේක්ෂකයින් පිළිබඳ තොරතුරු එක්රැස් කරමින් සිටින බව කී හෙට්ටිආරච්චි මහතා එසේ තොරතුරු තහවුරු කරගත් වහාම ඔවුන් පිළිබඳ රටට හෙළි කරන බව ද කීය.

එමෙන්ම මෙම පුද්ගලයින්ට ඡන්දය දෙන්නට එපා යැයි ඡන්දදායකයින් ගෙන් ඉල්ලා සිටින බව කී පැෆරල් විධායක අධ්‍යක්ෂවරයා ඔවුනගේ තොරතුරු සොයා ගැනීම සඳහා පොලිස්පතිවරයාගේ සහය ලබාගැනීමට බලාපොරොත්තු වන බව ද පැවැසීය.

Related posts

ධානිෂ් අලි හා අනුරුද්ධ බණ්ඩාර CIDයට

Admin

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා CID නොයයි…

colombotoday

CSN නාළිකාවේ සංඛ්‍යාත බැඳුම්කර හොරුන්ට !

colombotoday

අඩුආදායම්ලාභීන් සදහා කූපන් ක්‍රමයක් ගැන වාසුදේව කියයි

colombotoday

යුද්ධයෙන් බේරාගත් රට නව ව්‍යවස්‌ථාවෙන් බෙදීම වැළැක්‌වීමයි අපේ අරමුණ

colombotoday

පොලිස් කොමිසමට හොරෙන් නිලධාරීන්ට ස්ථාන මාරු, පොලිස් කොමිසම නමට පමණද?

colombotoday