Colombo Today Local News

ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අධීක්ෂණය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයට

ඉන්ධන පිරවුම්හලවල ඉන්ධන බෙදාහැරිම් කටයුතු අධීක්ෂණය කිරීම සඳහා සහය ලබාදෙන ලෙස බලශක්ති අමාත්‍යාංශය විසින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබේ.

පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ ආනයනය කරන සීමිත ඉන්ධන තොග මනා කළමනාකරණයකින් යුතුව හඳුනාගත් අත්‍යවශ්‍ය ආර්ථික කටයුතු සඳහා ලබාදී ඉතිරි ඉන්ධන තොග ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධනහල් වෙත ලබාදීම බලශක්ති අමාත්‍යාංශයේ මැදිහත් වීම මත සිදුකරන සඳහන්ය.

කෙසේවෙතත් එම ඉන්ධනහල්වලින් පාරිභෝගිකයින් වෙත ඉන්ධන බෙදාහැරීමේදී නොයෙකුත් අඩුපාඩු සහ අක්‍රමිකතා සිදුවන බවට වාර්තා වී ඇති බව බලශක්ති අමාත්‍යාංශය පෙන්වාදෙයි.

ඒ අනුවඉන්ධන පිරවුම්හල් හරහා ඉන්ධන බෙදාහැරීම ක්‍රියාවලිය විධිමත්ව සිදුවන බවට සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශිය ලේකම්වරුන් මගින් අධීක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස බලශක්ති අමාත්‍යාංශය විසින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබේ.

ප්‍රාදේශීය කළමනාකරුවන් සහ ඉන්ධන පිරවුම්හල් හිමියන් සමග සාකච්ඡා කර ඊට අදාළ වැඩපිළිවෙලක් කිරීම සම්බන්ධයෙන් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශිය ලේකම්වරුන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

Related posts

සැප වාහන නැතිව මන්ත්‍රීලාට බර කරත්තෙන් යන්නද කියන්නේ – මුදල් ඇමති

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණය යට ගහන්න ඇතුළෙන්ම කුමන්ත්‍රණයක්

colombotoday

යතුරුපැදියක් බසයක ගැටී 16 හැවිරිදි සිසුවියක් මරුට

Admin

මන්ත්‍රීවරයෙකුගේ ලංසුව මිලියන 400යි… ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කරන ඩයස්පොරා සූත්තරේ මෙන්න…

colombotoday

ගෝඨාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගැනීමේ වැඩ අවසන්…

colombotoday

විරෝධතාකරුවන් පිරිසක් හඟුරන්කෙත පොලිසිය වටලයි : පොලිසියෙන් වෙඩි

Admin