Colombo Today Local News

මෙරට හමුදාව සිවිල් කටයුතු සඳහා අනවශ්‍ය මැදිහත්වීමක් සිදුකර නැහැ

මෙරට හමුදාව සිවිල් කටයුතු සඳහා අනවශ්‍ය මැදිහත්වීමක් සිදුකර නැතැයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් රටේ සියලු දෙනාට පැහැදිලි සාක්ෂිකරුවන් විය හැකි බව ද ඇමතිවරයා සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (14)දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

හදිසි නීතිය යටතේ ඇතැම් සිවිල් කටයුතු සඳහා හමුදාව යෙදවීම ගැන සිය අවධානය යොමු කරන බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසීය.

හදිසි නීතියේ වගන්ති දෙකක් පමණක් සංශෝධනය කර ආහාර බෙදාහැරීම්වලට අදාළව හමුදාව සම්බන්ධ කරගෙන තිබෙන බව කී ඇමතිවරයා එන්නත්කරණ ක්‍රියාවලියේදී ඔවුන්ගේ මැදිහත්වීම ධනාත්මකද නැද්ද යන්න ජනතාව දන්නා බවත් ආහාර බෙදාහැරීම් සම්බන්ධයෙන් ද සිදුවන්නේ එසේම බවත් එතුමන් පැවසීය.

එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ඔවුන්ගේ නිර්දේශ පිළිගන්නා නමුත් ප්‍රායෝගිකව රට තුළ සිදුවන දේ දර්ශකයක් ලෙස භාවිතා කර තීන්දු ගත යුතු බවද ඇමතිවරයා පැවසීය.

රටේ ආර්ථික ගැටලු පවතින අවස්ථාවක ජනාධිපතිවරයා හා අගමැතිවරයා විදේශ සංචාරවල යෙදීම සුදුසු ද යනුවෙන් මාධ්‍යවේදියකු නැගූ පැනයට පිළිතුරු දුන් ඇමතිවරයා පැවසුවේ අත්‍යාවශ්‍ය සංචාරවල නිරත්වීම ජනතා බදු මුදල් නාස්ති කිරීමක් නොවන බවයි.

ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතීම මේ අවස්ථාවේ ඉතා වැදගත් බව කී ඇමතිවරයා, අගමැතිවරයාගේ සංචාරයද ආරාධනයක් අනුව සිදුවූ බවත් ඒවාට අවම පිරිසක් සහභාගී වන බවත් පැවසීය.

කොවිඩ් අර්බුදයෙන් පසු ඔවුන් සංචාරයකට එක්වන පළමු අවස්ථාව මෙය බව කී ඇමතිවරයා ගත වූ කාලයේ දී කැබිනට් ඇමතිවරු දෙදෙනෙක්වත් සංචාර සඳහා ගොස් නැතැයි ද සඳහන් කළේය.

Related posts

මැනිං වෙළෙඳපොළේ උණුසුම් තත්වයක්

colombotoday

ඇඳිරි නීතිය නොදැමූ ප්‍රදේශ 16 කින් කොරෝනා ආසාදිතයින් වාර්තා වෙයි

colombotoday

හකීම්ට එරෙහිව නැගෙනහිරින් මුස්ලිම් පෙරමුණක් !!

colombotoday

ක්‍රෙඩිට් කාඩ්, රන් ණය පොලි අනුපාත පහතට

colombotoday

තිලිණි ප්‍රියමාලි අසාද් සාලිගේ කෝටි 8කට විදලා

colombotoday

කොවිඩ් ආසාදනයවී ප්‍රතිකාර ලබා නිවෙසට ඒමට සිටි පුද්ගලයෙකු මිය යයි

colombotoday