Covid 19

සුසන්තිකා ජයසිංහට කොරෝනා ආසාදනය වෙයි

ඔලිම්පික් පදක්කම්ලාභී, හිටපු සුපිරි ධාවන ශූරී සුසන්තිකා ජයසිංහට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තාවේ.

අසනීප තත්වයක් හේතුවෙන් ඇය කළ පී.සී.ආර්. පරීක්ෂණයකින් පසුව මෙසේ ඇයට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
වාර්තාවන පරිදි ඇගේ දරුවන් දෙදෙනාටද, කොරෝනා වැළඳී තිබෙන අතර ප්‍රතිකාර සඳහා තමා ඉක්මණින්ම යොමුවන බව ඇය ඊයේ (13)දින දහවල් කළ විමසුමකදී සඳහන් කර ඇත.

වසර 2000 සිඞ්නි ඔලිම්පික් උළෙලේදී මීටර 200 (කාන්තා) ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගනිමින් ලොව පුරා අවධානය දිනාගත් මේ වනවිට 47 හැවිරිදි වියේ පසුවන සුසන්තිකාට පසුව රිදී පදක්කම ප්‍රදානය කෙරුණි.

ඇය දිනා ඇති ලෝක ශූරතා පදක්කම් ගණන 02කි.

Related posts

බුස්ස බන්ධනාගාරයේ රැදවියන් 33කට කොරෝනා

colombotoday

සාමාන්‍ය ජනතාවටත් කොවිඩ් එන්නත

colombotoday

ඩී.එස්. සේනානායක ජාතික පාසලේ කොවිඩ් ආසාදිතයින් 09ක්

colombotoday

කොවිඩ් රෝගීන් 1,225ක්

colombotoday

මෙරට පැතිරෙන්නේ බ්‍රිතාන්‍යයේ COVID වෛරස ප්‍රභේදය බව තහවුරු වෙයි

colombotoday

තහවුරු කල තවත් කොවිඩ් මරණ 61ක්

colombotoday