Colombo Today Local News

විල්පත්තුවේ මහ දළ ඇතාත් ඉවරයි.. ඇතු මරා දළ කැපූ මුස්ලිම් මව්ලව අත්අඩංගුවට !


මුලු රටටම අභිමානයක් වූ ගල්ගමුව දළ පූට්ටුවා හස්ථියා ඝාතනයේ උණුසුම වියැකීමටත් මත්තෙන් තවත් එවැනිම දළ ඇතෙක් අමානුෂිකව ඝාතනය කර දළ කපා ගත් පුවතක් වාර්තා වනවා. ඒ විල්පත්තුව ප්‍රදේශයෙන්.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ වාසය කළ දැවැන්ත දළ ඇතකු මෙලෙසින් අමානුෂිකව වෙඩි තබා මරා දමා තිබෙනවා. මෙම දළ ඇතා මරා දැමීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන්නේ මුස්ලිම් මවුලවිවරයෙකු වන අතර එම මවුලවිවරයා අඩි පහකට ආසන්න උසින් යුත් දළ යුගලය කපාගෙන එය රුපියල් ලක්‍ෂ පනහක මුදලකට උත්සාහ කිරීමේදි නිතීයේ රැහැනට කොටුව තිබෙනවා.

අනුරාධපුර කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශය මගින් පසුගිය 29 දා මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් තිදෙනා ඇත් දළ යුගලයත් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් තිදෙනා සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් ඇත් දළ යුගළයේ බර කිලෝ ග්‍රෑම් පනහකට ආසන්න අතර එහි එක්‌ දළයක්‌ අඩි හතරයි අඟල් දෙකක්‌ උසින් යුතුවේ. අනෙක්‌ දළයේ උස අඩි හතරයි අඟල් හතරකි. එහි වට ප්‍රමාණය අඟල් 14 ක්‌ වන බවත් සැකකරුවන් මීට මාස තුනකට පමණ ඉහතදී විශාල දළ ඇතා විල්පත්තුව වනෝද්‍යානයේදී වෙඩිතබා මරා අනතුරුව යාන්ත්‍රික කියතකින් දළ දෙක කපා පොළව යට වළලන්නට ඇති බවටත් පොලිසිය සැකකරන බව වාර්තා වේ.

අනුරාධපුර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරිවරයාට ලැබුණු තොරතුරකට අනුව ඔහු යටතේ ක්‍රියාත්මක කොට්‌ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් දෙදෙනකු විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ තන්තිරිමලය සීමාවේ කැලෑවක වළ දමා තිබූ දළ යුගලය මිලදී ගැනීම සඳහා එහි ගොස්‌ තිබෙන අතර සැකකරුවන් සඟවා තිබූ දළ දෙක ඔවුන්ට පෙන්වූ අවස්‌ථාවේ එහි ඡායාරූප ලබාගෙන පොලිස්‌ අධිකාරිවරයාට ලබාදීමට කටයුතු කර තිබේ.

දළ යුගලය බැලීම සඳහා මැණික්‌ ව්‍යාපාරිකයා පැමිණිය යුතු බවත් ඒ අවස්‌ථාවේ දළ යුගලය රැගෙන යැමට නොහැකි බවත් පවසා පොලිස්‌ උපාය දූතයන් නැවත අනුරාධපුරයට පැමිණ තිබේ. පොලිස්‌ අධිකාරිවරයා රත්නපුරය ප්‍රදේශයේ මැණික්‌ ව්‍යාපාරිකයකු බව අඟවමින් 28 දා මධ්‍යම රාත්‍රියේ එහි ගොස්‌ රුපියල් ලක්‍ෂ 50 කට දළ යුගලය මිලදී ගැනීමට කැමැත්ත පළකර තිබේ. පොලිස්‌ නිලධාරීන් සැකකරුවන්ට පෙන්වීම සඳහා රුපියල් ලක්‍ෂ පනහකට ආසන්න මුදලක්‌ ව්‍යාජ අන්දමින් සකසාගෙන බීෆ් කේසයක දමාගෙන එහි ගිය අවස්‌ථාවේ සැකකරුවන් වළදමා තිබූ ඇත් දළ යුගලය පිටතට ගෙන තිබේ.

සැකකරුවන් දළ යුගලය ගැනුම්කරුවන් ලෙස ගිය පොලිසිය අත තබනවාත් සමඟම පොලිස්‌ නිලධාරීන් වැටලීම සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මුස්‌ලිම් මවුලවිවරයෙකු ඇතුළු දමිළ ජාතිකයන් දෙදෙනකු සිටින අතර ඔවුන් මරච්චිකට්‌ටු, සිලාවතුර, පාලෛයිකුලම් සිලාවතුර හා එලත්තු මන්නාරම යන ලිපිනයෙහි පදිංචි වයස අවුරුදු 54, 52 හා 38 වියේ පසුවන්නන් බව පොලිසිය පවසයි.

ඉන්පසුව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ මවුලවිවරයා ඇතුලු සැකකරුවන් තිදෙනකු ජනවාරි මස 12 වැනිදා දක්‌වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.

Related posts

මෝටර් රථය ගසක හැපී මල්ලීගේ දෑස් ඉදිරිපිට අයියා දිවියෙන් සමු ගනී

colombotoday

ජාති, ආගම් බේද ඇතිකරන අයට නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා – අගමැති

colombotoday

ජාතික හෙළ උරුමයේ නායකත්වයෙන් සෝභිත හිමියන් ඉවත් වෙයි

colombotoday

සෞඛ්‍ය ඇමති රාජිත යටතේ ලංකාව ඓතිහාසික වාර්තාවක් තියයි !

colombotoday

අන්තවාදී අරාබිකරණය නවතනු !.. කොටුවේ විරෝධතා (Video)

colombotoday

කාසියේ වාසිය එංගලන්තයට… රංගන හේරත් අවසන් වරට ජාත්‍යන්තර තරග බිමේ…

colombotoday