World

උතුරු කොරියාව දිගුදුර මිසයිල අත්හදාබලයි

උතුරු කොරියාව විසින් දිගුදුර මිසයිල අත්හදාබැලීමක් සිදුකර තිබේ.

ඊයේ (12) දිනයේ දී ඔවුන් විසින් සාර්ථක ලෙස එම මිසයිල අත්හදාබැලීම සිදුකළ බවට එරට රාජ්‍ය මාධ්‍ය විසින් වාර්තාකර තිබුණි.

එමෙන්ම අදාළ මිසයිලය ඉලක්කය වෙත සාර්ථකව ගමන් කළ බවද උතුරු කොරියාව විසින් ප්‍රකාශකර තිබේ.

කෙසේවෙතත් අදාළ මිසයිල අත්හදාබැලීම අසල්වාසී රාජ්‍යයන්ට තර්ජනයක් බව අමෙරිකාව විසින් පවසා ඇත.

උතුරු කොරියාව විසින් අත්හදාබලනු ලබන මිසයිල සම්බන්ධයෙන් සිය රට වැඩි අවධානයකින් පසුවන බවද ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශකර තිබේ.

Related posts

එන්නත කෙරෙහි පමණක් විශ්වාසය තැබීම බරපතළ වරදක්

colombotoday

රාජ්‍ය රහස් පිට කළැයි ඉම්රාන්ට අධි චෝදනා ගොනු කෙරේ…

Admin

අයිශ්වර්යා රායිට සහ ඇගේ දියණියටත් කෝවිඩ් – 19

colombotoday

චීනයෙන් “හැන්ටා” නැමති තවත් වෛරසයක්. පළමු මරණය අද වාර්තා වේ.

colombotoday

හමාස් – ඊශ්‍රායල ගැටුම් මැද ඉන්ධන මිලේ ලොකු වෙනසක්

Admin

කෝලිගේ දියණියට දූෂණ තර්ජන කළ මෘදුකාංග ඉංජිනේරුවා අත්අඩංගුවට

colombotoday