Colombo Today Local News

ඩොලර් බිලියන 8 ක් උපන්න බදු දෙන්න යන දේපළ මෙන්න – කටුනායක, මත්තල සහ රත්මලාන ගුවන්තොටුපළවල්ද ඒ අතර

වටිනා රජයේ දේපළ කිහිපයක් බදු දීමෙන් ඩොලර් බිලියන 8 ක මුදලක් වහාම උපයා ගැනීමට රජය අදහස් කොට ඇතැයි වාර්තා වේ’

මෙසේ බදු දීමට අදහස් කරන දේපළ අතර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ” මත්තල ගුවන්තොටුපළ සහ රත්මලාන ගුවන්තොටුපළද තිබේ’

මේවා දීර්ඝ කාලීන පදනමක් යටතේ බදු දෙනු ඇත’ කටුනායක ගුවන්තොටුපළ ඩොලර් බිලියන 2 කටත් මත්තල ගුවන්තොටුපළ ඩොලර් මිලියන 300 කටත් රත්මලාන ගුවන්තොටුපළ ඩොලර් මිලියන 400 කටත් බදු දීමට යෝජිතය’ මීට අමතරව කොළඹ වරායේ දකුණු කොටස ඩොලර් මිලියන 600 ක ආයෝජන පදනමක් යටතේ ලබා දීමටත් කොළඹ වරාය නගරයේ රජයට හිමි කොටස ඩොලර් බිලියන 4 කටත් බදු දීමට අදහස් කෙරේ’ එසේම ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජයට හිමි කොටස් සමූහය ඩොලර් මිලියන 500 කටත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ රජයට අයත් කොටස් ඩොලර් මිලියන 300 කටත් විකිණෙනවා ඇත’

-දිවයින-

Related posts

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි 21 අලුයම 4 තෙක් දීර්ඝ කෙරේ

colombotoday

සීඅයිඩීය මට හොඳටම ගහලා හිස්‌ කොළයකට අත්සන් ගත්තා, මට කොණ්ඩයා කීවේ මාධ්‍යයි – දුනේෂ් ප්‍රියශාන්ත

colombotoday

වව්නියාව ජුම්මා පල්ලිය අසල කඩ පෙළක් ගිනි ගනී.. කඩපෙළ අයින් කරන්නැයි පල්ලියෙන් කියලා !

colombotoday

සිංගප්පූරු ගිවිසුමෙන් ලංකාව න්‍යෂ්ඨික අපද්‍රව ගබාඩවක් වෙයි.. උග්‍ර විෂ රසායනික මූලද්‍රව්‍ය මෙරටට ගෙන්වීමට අවසර

colombotoday

මම විශ්‍රාම යන්නේ නෑ. – කටකතා ගැන අගමැති මහින්ද කියයි.

colombotoday

රෝහල් කනිෂ්ඨ සේවකයින් ලෙඩ වෙයි

colombotoday