Colombo Today Local News

“මට වැරදුණා.. මෛත්‍රීටත් වැරදුණා” – 2015 ගෙදර යන්න වුණ හේතුව මහින්ද කියයි

කාලය දිගුකර ගැනීමට ගොස් තමන්ට වැරදුණු ආකාරයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද වැරදී ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පාලන කාලය අවසන් වීමට තවත් අවුරුදු දෙකක් තිබියදී තමන් ජනාධිපතිවරණයක් කැඳවීම නිසා වැඩේ වැරදුණු බවත්, ඒ ආකාරයට කටයුතු කිරීමට ගිය මෛත්‍රීපාල සිරිසේන මහතාටද දිට්ඨධම්මවේදනීය කර්මය පළදී තිබෙන බවත් හිටපු ජනාධිපතිවරයා පවසා සිටියේය.

“මට බැණ බැණ ගියා අවුරුදු දෙකක් තියලා ඉස්සෙල්ලා මම ආවා කියලා. මම අවුරුදු දෙකක් පරිත්‍යා කළා. වැඩේ වැරදුණා. එතකොට ඒක පරිත්‍යාගයක්. හැබැයි මෙයා මොකද කළේ? පහ මදිවෙලා හයක් කොරගන්න ගියා. ඔන්න මට වෙච්චි වැඩේම මිනිහටත් වෙලා. ඒක පරිත්‍යාගයක් කියන්න ඇහැකි දැන්. ඒකට කියන්නේ දිට්ඨධම්මවේදනීය කර්මය කියලා. ඕක තමයි උපදේශකයන්ගෙන් පරිස්සම් වෙන්න ඕන. වටේ ඉන්න උපදේශකයන් දෙන්නැති නඩුකාරයන්ට කියලා මේක බේරලා දෙන්නම් කියලා. ගියාට වැඩේ වැරදුණා”

කඩුවෙල අරංගල (15දා) පැවැති ඒකාබද්ධ පොදුජන පෙරමුණේ මහජන රැලියේදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

Related posts

කෙසෙල්වත්ත පොලිසියේ 20 ක් නිරෝධායනයට

colombotoday

රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

colombotoday

එක්සත් ජාතීන්ගේ කාන්තා තත්ත්වය පිළිබඳ කොමිසමට ශ්‍රී ලංකාවත්

Admin

රැඳවුම් භාරයේ සිටින පොඩි ලැසී ගේ ආයුධ සීඅයිඩී අත්අඩංගුවට.

colombotoday

නාරංගල ගිය තරුණයෙකුගේ සිරුර ප්‍රපාතයකින් හමුවෙයි

colombotoday

හොරොව්පතානේ අරාබි පාසලක දරුවන්ට ඉගැන්වූ අන්තවාදී දේශන ඇතුලත් සීඩි 46ක් අත්අඩංගුවට

colombotoday