Colombo Today Local News

අගමැතිට එරෙහි විශ්වාසභංගය මේ සතියේ

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව මේ සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ඊයේ (15) කොළඹ බොරැල්ල ඇන්. ඇම්. පෙරේරා අනුස්මරණ කේන්ද්‍රයේදී පැවැති අතර ඊට සහභාගි වෙමින් නානායක්කාර මහතා මේ බව සඳහන් කළේය.

රාජිත සේනාරත්න අමාත්‍යවරයාට එරෙහිව බාර දුන් විශ්වාසභංග යෝජනාවත් තවම හමස් පෙට්ටියේ. ඒ නිසා අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව කඩිනමින් විවාදයට ගනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා අද මේ රටේ විශාල දේශපාලන අර්බුදයක් නිර්මාණය වෙමින් තිබෙනවා. අගමැති හා ජනාධිපති අතර සීතල යුද්ධය දැන් රත්වෙන්න පටන්ගෙන තිබෙනවා. එජාප මුදල් ඇමැති ගත් තීරණ ජනපති වෙනස් කරනවා. ජනාධිපති වසර හයක් බ‍ලේ ඉන්න පුළුවන්ද කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහලා කියලා දැනගෙන අගමැති කලබල වෙලා. අගමැතිට ඕනෑ මීළඟ මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පවත්වන්නයි. ජනාධිපති උත්සාහ කරන්නේ ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරණය පවත්වන්නයි. මේ අර්බුදයත් සමග පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල අනුව ජනබලය නැති ආණ්ඩුවක් හා ජන බලය ඇති විපක්ෂයක් නිර්මාණය වෙනවා යැයිද වාසුදේව නනායක්කාර මහතා කීවේය.

මේ තත්ත්වය ඉතාම භයානක තත්ත්වයක්. අගමැතිවරයා මේ තනතුරේ ඉන්න තාක් කල් බැඳුම්කරය ගැන ස්වාධීනව කටයුතු කරන්න නීතිපතිට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඒ නිසා අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව දැන් අපි සකස් කරලා මේ දිනවල මන්ත්‍රීවරුන්ගේ අත්සන් ගනිමින් සිටිනවා. මේ විශ්වාසභංගය අපි මේ සතිය තුළ කථානායකවරයාට බාර දෙන්න කටයුතු කරගෙන යනවා.
අපිට ලැබි තිබෙන තොරතුරු අනුව බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වළක්වා තිබෙන්නෙත් අගමැතිවරයායි. ඔහු ජනාධිපතිට බලපෑම් කරලා තිබෙනවා මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න එපා කියලා. ඒ අනුව තමයි එදා පාර්ලිමේන්තුවට බැඳුම්කර වාර්තාව ඉදිරිපත් කරලා නැත්තේ. මේ තත්ත්වයට පෙබරවාරි 10 දා ජනතාව උත්තර දේවි යැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Related posts

“ආවා කරු.. පෙනුනා තරු“ ඒකාබද්ධය ටකරං මඩුවේ මාධ්‍ය සාකච්ඡාවක (VIDEO)

colombotoday

යහපාලනය අලුත් රටට ගැළපෙන අලුත් ජාතික ගීයක් යෝජනා කෙරේ !

colombotoday

ලොක බැංකුවෙන් ලංකාව ගැන පුරෝකථනයක්

Admin

අධිකරණයට අපහාස : සරත් විජේසූරියට නොතීසි…

colombotoday

ලක්ෂ ගණනක භාණ්ඩ සොරාගත් කුඩ්ඩෙක් අත්අඩංගුවට

colombotoday

නීති විරෝධී ලෙස කහ ගෙනා පුද්ගලයා ස්වයං නිරෝධායනයට

colombotoday