Colombo Today Local News

රනිල් බබා අකිල බබාගේ ටැබ් එක ඔබන විත්තිය අපි දන්නවා – රෝහිත අබේගුණවර්ධන

යළිත් අපි රට හදමු තේමාවෙන් පෙරේදා (14දා) පානදුර නගරයේදී පැවැති ඒකාබද්ධ පොදුජන පෙරමුණේ ජන රැලියට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මෙසේ පැවසුවේය.

“යහපාලන ආණ්ඩුවේ වයස අවුරුදු 3යි දවස් 6යි දැන්. යහපාලන නඩය කියපු බොරු දැන් අපිටත් අමතකයි. දැන් හංසයාට කොටපු අයට සැප ඇති. ලක්‍ෂ 23කට තිබුණු කාරෙක ලක්‍ෂ 50ක් විතර වෙනවා. එදා කාර් ගන්ඩ ඕනේ කියලා Ad ඒකේ හිටපු නංගිව මම තාම හොයනවා තෙමිලද බලන්න. වික්‍රමසිංහ මහත්මයා කිව්වා Wifi නොමිලේ දෙනවා කියලා. කොල්ලෝ, කෙල්ලෝ ඉතින් හංසයට කතිරේ ගැහුවා. කෝ ඒවා හම්බවුණාද?

මහා සංඝරත්නය 61 නමක් හිරේ දාපු එකම ආණ්ඩුව මේක. ඒ අලි ළඟ තියා ගත්තා කියලා. සඟ පරපුරට ගැහුවේ එහෙමයි. එතකොට වෙද කට්ටියට සැලකුවා හොඳට දත් දොස්තරයා. එතකොට ගුරු අයට කොහොමද සැලකුවේ ගුරුවරියෝ භාරදීලා තියෙන්නේ අකිල බබාට. එයා කිව්වා ටැබ් දෙනවා කියලා.
නමුත් දුන්නු ටැබ් එකක් නෑ. හැබැයි රනිල් බබා අකිල බබාගේ ටැබ් එකනම් ඔබන විත්තිය අපි දන්නවා.
එතකොට ගොවියන්ට මොකද කරලා තිබෙන්නේ. ගොවියෝ අද නැව් එනකම් බලාගෙන ඉන්නවා. කම්කරුවන්ට අද ගහනවා. රණවිරුවන්ට මේ ආණ්ඩුව ගැහුවා. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු සේරටම මේ ශ්‍රී ල.නි.ප. ප්‍රමුඛ ආණ්ඩුව ගැහුවා.

Related posts

උතුරු පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රීවරයෙක් පැහැරගන

colombotoday

අදත් ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි

colombotoday

ජාතික නාවිකයන්ගේ දිනය – මාර්තු 21

Admin

ඉදිරි ජනාධිපති අපේක්ෂකයා පොහොට්ටුවෙන් – මහින්ද රාජපක්ෂ කියයි.

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන නාමල්ගේ මතය

colombotoday

වප් පොහොය අදයි, මේ කඨින චීවර මාසයයි.

colombotoday