Colombo Today Local NewsExclusive :Hot News

Exclusive: ජනපති සහ එජාපය කොටවනු – කිලී මහරාජාගෙන් මරික්කාර්ට නියෝග

රනිල් එලවා සජිත් ගෙන්න දගලන කිලී මහරාජාගෙ කුමන්ත්‍රණය

කිලී මහරාජා

පළාත් පාලන මැතිවරණය අවසන්වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පුටුවෙන් ඇද දමා සජිත් ප්‍රේමදාස මහතා අගමැති ලෙස පත්කිරීමේ කුමන්ත්‍රණයක් දියත් වෙන බව වාර්තා වෙනවා. මේ සඳහා මුලිකව කටයුතු කරනු ලබන්නේ සිරස හිමිකරු වන කිලී මහරාජායි.

පසුගිය සතියේ කිලී මහරාජාගේ  සුවච කීකරු ගොලයා වන MBC සමුහ අධ්‍යක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී SM මරික්කාර් කැඳවා අවශ්‍ය උපදෙස් ලබා දී ඇත. ඒ අනුව එජාප පසුපෙළ මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට විරුද්ධව උසි ගන්නවා එජාපය සහ ජනාධිපති අතර ගැටුමක් නිරිමාණය කිරීම ඉතා ඉක්මනින් සිදු කරන ලෙස ලැබුණු උපදෙස් මත පසුගිය සති අන්තයේ පැවති එජාප දේශපාලන රැස්වීම්වලදී ජනාධිපතිවරයාව දැඩි ලෙස විවේචනයට ලක් කිරීමට මරික්කාර් වගබලා ගත්තේය.

අප වාර්තාකළ පුවත්,

Video: එයාට මතක නෑ එයා පිංපොකැට් ජනාධිපති කියලා – මරික්කාර් ජනාධිපතිට පලු යන්න බනියි

Video: ඩිලාන් පෙරේරාට කන පැලෙන්න ගහන්න හදන ලොකුගේගෙන් කන පලාගත් මරික්කාර්

සිරස FM, y FM, Yes FM, Shakthi FM යන නාලිකා හතරම SM මරික්කාර් යටතේ

සිරස FM, y FM, Yes FM, Shakthi FM යන නාලිකා හතරම SM මරික්කාර් යටතේ ක්‍රියාත්මක වන අතර එම නාලිකා රාජ්‍ය මධ්‍ය අභිබවා යමින්, ජනාධිපතිවරයා වෙනුවෙන් ඉතා හිතවාදී ප්‍රතිපත්තියක සිට කටයුතු කරයි. එවැනි පසුබිමක මැතිවරණ වේදිකාව තුල නිර්ධය ලෙස ජනාධිපතිවරයා විවේචනය කිරීමට මරික්කාර් පෙළබිම පැහැදිලි ලෙස කිලී මහරජාගේ සැලසුමට අනුව මරික්කර්ගේ ඉතා හොඳ රංගනයකි. එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ද මෙම ගැටයට හසුවිය.

SM මරික්කාර්

එම සැලසුම යම්තාක් දුරකට සාර්ථක වී ඇති බව ඊයේ වන විට පැහැදිලි වුයේ එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ විවේචනවලට විරෝධය දක්වමින් ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමෙන් නැගිට යාමත් සමගය. මේ වන විට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු නව ආණ්ඩුවක් සඳහා බිලි බා ගැනීම සඳහා බිලියන ගණනනින් මුදල් වෙන් කිරීමට කිලී මහරජා කටයුතු කර ඇත. මැතිවරණ සමයේදී සජිත් පිම්බීමේ කාර්ය රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා බාරගෙන ඇති බව මැතිවරණ වේදිකාව තුල ඔහුගේ හැසිරීමෙන් ඉතා හොඳින් පෙන්නුම් කෙරේ.

මව්බිම සහ Ceylon Today පුවත්පත් මහරාජා යටතට

එම මෙහෙයුම කිලී මහරාජා සතු රේඩියෝ නාලිකා 4 සහ TV නාලිකා යොදාගන ඉතා ජයටම කරගෙන යනු ලබයි. ඒ සඳහා ටිරාන් අලස් ලබාගත් ණයට හිලව් ලෙස මහාරාජාට හිමිවූ මව්බිම සහ Ceylon Today පුවත්පත්ද යොදාගන තිබේ. මේ වන විට මව්බිම සහ Ceylon Today පුවත්පත් භාරව සිටින්නේ සිරස දෙපානම මැදිරි අධ්‍යක්ෂ ලෙස කටයුතු කල අශෝක ඩයස්ය.

– එන්. වීරසිංහ –

Related posts

චන්ද්‍රිකා පිළ දරුණු වෙයි… කොළඹදී සමුළුවක් තබා සජිත්ට සහය දීමට තීරණය කරයි !

colombotoday

පිරවුම්හලක කලහකාරී ලෙස හැසිරුණු 13ක් යතුරු පැදි 20ක් සමග අත්අඩංගුවට

colombotoday

නේවි රුවන් අත්අඩංගුවේ

colombotoday

ජනාධිපති අපේක්ෂකත්වය ලබාදුනහොත් ප්‍රතික්ෂේප කරන්නේ නෑ – පාඨලි චම්පික රණවක

Admin

2020 සාමාන්‍ය පෙළ විභාගයට දින නියම වෙයි

colombotoday

ඝාතනය වූ පැලවත්ත කෝටිපති ව්‍යපාරිකයාගේ රිය මීගමුවෙන් හමු වෙයි

Admin