World

ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් 17 ක් මරුට

ඇමෙරිකාවේ ෆ්ලොරිඩා හි උසස් පාසලක වෙඩි තැබීමකින් අවම වශයෙන් 17 දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

නිකොලවුස් කෘස් ලෙස හඳුනාගෙන ඇති සැකකරු 19 වැනි වියේ පසුවන අතර ඔහු පාසලෙන් නෙරපන ලද ශිෂ්‍යයෙකු වේ.

2012 වසරේ කනෙටිකට් ප්‍රාන්තයේ පාසලක වෙඩි තැබීමකදී ළමුන් 20 දෙනෙකු මියයාමෙන් අනතුරුව මෙතෙක් වාර්තා වූ පාසලක වෙඩි තැබීමේ සිද්ධියක් ලෙස සැළකේ.

බ්‍රෝවඩ් හි ෂෙරිෆ් ස්කොට් ඊශ්‍රායෙල් පැවසුවේ රයිෆලයක් රැගෙන පැමිණි කෘස් පාසලින් පිටත කළ වෙඩි තැබීමෙන් තිදෙනෙකු මියගිය බවය. ඉන් පසු

වෙඩි තැබීම ආරම්භ වී පැයකට වැඩි කාලයකින් අනතුරුව බ්‍රොවර්ඩ් ෂෙරිෆ් කාර්යාලය පැවසුවේ, “වෙඩික්කරු දැන් අත්අඩංගුවේ” යනුවෙනි.ගොඩනැගිල්ල තුළට පිවිසි ඔහු 12 දෙනෙකු වෙඩිතබා මරා දමා තිබේ.

දෙදෙනෙකු මියගියේ රෝහල වෙත ගෙන යාමෙන් අනතුරුවය.

තුවාල ලත් කෘස් ප්‍රතිකාරවලින් අනතුරුව පොලිස් භාරයට පත්කර තිබේ.

Related posts

තායිලන්තයේ ඉස්ලාම් ත්‍රස්තවාදීන්ගෙන් දුම්රියකට hit-and-run පන්නයේ ප්‍රහාරයක්. – බෞද්ධයන් ඉලක්ක ගත් ප්‍රහාරවල වර්ධනයක්.

colombotoday

හමාස් නායකයාගේ නිවසට ප්‍රහාර

Admin

ගවයින් 5800ක් සහ සේවකයින් 43ක් සමග නෞකාවක් අතුරුදහන්

colombotoday

චාර්ල්ස් කුමරු නිල වශයෙන් හෙට කිරුළු පළදි

colombotoday

ඔමික්‍රෝන් රටවල් 24කට ඇතුළු වෙයි.

colombotoday

අමෙරිකාවේ චීන තානාපති කුයි ටියැන්කායි ධුරයෙන් ඉවත් වෙයි

colombotoday