Colombo Today Local News

බැදුම්කර වාර්තාවේ එජාපය ට අවාසි කොළ ඉවත් කරලා…

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බැදුම්කර කොමිසම් වාර්තාවේ එක්සත් ජාතික පක්ෂයට හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බරපතල අවාසි සහගත කරුණු නොමැති වීමෙන් පෙනී යන්නේ, එම වාර්තාවේ අඩංගු කරුණ සංශෝධනය කර හෝ එම කරුණු ඉවත් කර ඇතැයි යන්න ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

‘ඉරිදා මව්බිම’ පුවත්පතට විශේෂ ප්‍රකාශයක් කර ඇති ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති වාර්තාවේ ඉතා වැදගත් තොරතුරු රාශියක් වසන් කර ඇති බව එම වාර්තාවේ පිටු 100කට වඩා අඩුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබීමෙන් පෙනී යන බව කියා සිටියි.

ඒ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (21) දිනයේ බත්තරමුල්ල, නෙලුම් මාවතේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට ද එක්වෙමින් පැවසුයේ, එජාපයට ආවාසි වෙන කොළ බැඳුම්කර වාර්තාවෙන් ඉවත් කර ඇති බවට බරපතල සැකයක් මතුව ඇති බවයි.

එහිදී ඔහු මෙසේ සඳහන් කළේය.

”අපිට සැකයක් ඇති වෙලා තිබෙනවා එජාපයට ආවාසි වෙන කොළ මේ වාර්තාවෙන් ඉවත් කළා කියලා. සංශෝධනයෙන් තොර ජනාධිපතිවරයාට භාරදුන් මුල් වාර්තාව පාර්ලිමේන්තුවේ විවාදයට පෙර අපට ලබාදෙන්න කියන ඉල්ලීම ඒකාබද්ධ විපක්ෂය කතානායකවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

පක්ෂ නායක රැස්වීමේදී ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිතුමා ඉල්ලා සිටිනවා හරි වාර්තාව දීලා වහාම මේ බැඳුම්කර වාර්තාව පිළිබඳව අවම දින දෙකක්වත් විවාදයක් දෙන්න කියලා.

 

Related posts

කඩාකප්පල් කිරීම් මැද ශාසනාරක්ෂක සභාව හෙට මඩකලපුවට

colombotoday

ජාතිය වසන් කෙරෙන පරිදි නම් වෙනස් කිරීම් තහනම්…

colombotoday

ඉඩම් සංවර්ධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූලයි

colombotoday

කොවිඩ් පොකුරු මතුවුණොත් ඡන්දය කොටස් වශයෙන්

colombotoday

සුළි සුළං අවධානමක් ! රට පුරා අදත් වැසි

colombotoday

රවී කියපු අයවැය මහින්දටත් තේරිලා නෑ… අතර මගදී පිටව ගිහින් – Video

colombotoday