Colombo Today Local News

බුලත් කොලයට පමණක් ඡන්දය දෙන්නැයි ජනපති ඉල්ලයි (Video)

පෙබරවාරි දහවැනිදා පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොලය ලකුණ ඉදිරියේ පමණක් ඡන්දය සලකුණු කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

වෙනත් පක්ෂවලට ඡන්දය දුන්නොත් ඒ තුළින් සිදුවන්නේ දුෂණයට වංචාවට, පවුල්වාදයට, රාජ්‍ය දේපළ විකිණීමට සහය දීමක් යැයිද ජනාධිපතිවරයා කියා සිටී. 2020 දී ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීම සදහා මෙම මැතිවරණය මූලික අඩිතාලමක් වන බවද හෙතෙම කියා සිටියේය.

බැදුම්කර වංචාවට සම්බන්ධ සියළු දෙනාට පක්ෂ බේධයෙන් තොරව ලබා දිය හැකි උපරිම දඩුවම් ලබා දීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවත්, කොමිෂන් සභා වාර්තාවලින් චූදිතයන් වී සිටින කිසි කෙනෙකුට නිදහසක් නොලැබෙන බවද කියා සිටියේය.

ජනාධිපතිවරයා මෙම අදහස් පලකළේ ඊයේ කන්තලේදී පැවති එක්සත් ජනතා නිහදස් සන්ධාන මැතිවරණ ප්‍රචාරක රැලිය අමතමිනි.

Related posts

ශ්‍රී ලාංකික තරුණයෙක් අමෙරිකාවේදී අභිරහස් ලෙස මිය යයි

Admin

මෙරට පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන් මියයාම ගැන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ අවධානය

colombotoday

විපක්ෂ නායකකමට මහින්දගේ නම ඒකමතිකව යෝජනා වෙයි…

colombotoday

ලසන්ත ඝාතන සැකකරුවන් මෙන්න… දැක්කොත් පොලීසියට කියන්න (PHOTOS)

colombotoday

බුද්ධික පතිරණ ඇතුළු 9ක්‌ එජාප කෘත්‍යාධිකාරි මණ්‌ඩලයට

colombotoday

පොදුජන සෝ සුසුම් මැද සෝභිත නාහිමි දැයෙන් නික්ම යයි!

colombotoday