ArticlesColombo Today Local News

මහ සයුරේ කොටි බල සුනු විසුණු කල “බඹර ධේනුව” ඩෝරා

හීබෘ භාෂාවෙන් “බඹර ධේනුව“ යන අර්ථය ඇති, ලොව වේගයෙන්ම ගමන් කල හැකි ඉහළම පන්තියේ මුර යාත්‍රාවක් ලෙස ඩෝරා යාත්‍රා මුලින්ම නිෂ්පාදනය කරන්නේ ඊශ්‍රායලයේයි. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 1984 වසරේදී ඊශ්‍රායලයෙන් මුල් වරට ඩෝරා යාත්‍රා මිලදී ගැනීම සිදු කරනවා. එදා පටන් මුහුදු කොටි ත්‍රස්තයන්ගේ විශාල නැව් මෙන්ම මරාගෙන මැරෙන කුඩා ඩිංගි බෝට්ටුද විනාශ කිරීම සදහා ඩෝරා යාත‍්‍රා විශාල කාර්යභාරයක් ඉටුකරනු ලබනවා.

ත්‍රිවිධ හමුදා සොල්දාදුවන් හා පොලිස් භටයන් උතුරට රැගෙන ගිය ජෙට්ලයිනර්, ග්‍රීන් ඕෂන් වැනි විශාල නැව්වලට ත්‍රස්තවාදීන්ගේ කුඩා ඩිංගි බෝට්ටු හා මරාගෙන මැරෙන යාත්‍රා මගින් එල්ල කිරීමට පැමිණි මහා ප්‍රහාර රැසක් ඩෝරා යාත්‍රා නිසා වළකා ගැනීමට හැකි වෙනවා. නැගෙනහිර හා වන්නි අවසාන මෙහෙයුම ආරම්භ කළදා පටන්ම මුහුදු කොටින්ගේ දැවැන්ත නාවික ප්‍රහාර රැසක් ඩෝරා යාත්‍රා නිසා වැළැකී ගිය බව සදහන් කිරීම නිවැරදියි.

සාමාන්‍ය ඩෝරා යාත්‍රාවක වේගය පැයට කිලෝමීටර් 83ක් (නොට් 45) පමණ වෙනවා. නැවත ඉන්ධන පිරවිමකින් තොරව යාහැකි දුර නාවික සැතපුම් 700ක්. (කිලෝමීටර් 1300ක්) යාත්‍රාවේ මුළු බර ටොන් 5 ක්ද දිග මීටර 22.4 හා පළල මීටර 5.5ක් වෙන අතර 9 දෙනෙක්ගෙන් යුත් භට පිරිසකට මෙහි ගමන් කල හැකියි. ගෙනයා හැකි අවි අතර ජලය මතුපිටින් පමණක් යැවිය හැකි AGM මිසයිල 114 ක්, මිලිමීටර් 20 කාලතුවක්කු 2 ක් හා මිලිමීටර් 12.7 මැෂින් තුවක්කු දෙකක් මෙහි අඩංගුයි. ඊට අමතරව නවීන රේඩාර් පද්ධතියකින්ද සමන්විත වෙනවා.

ඩෝරාහි නවතම යාත්‍රාව සුපර් ඩෝරා මාක් – 3 ලෙස නම් කර තිබෙනවා. එය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊශ්‍රායලයෙන් මිලදී ගන්නේ 2010 වසරේදීයි. මෙම යාත්‍රාවට නොට් 50ක, එනම් පැයට කිලොමීටර 93ක වේගයෙන් යාත්‍රා කල හැකි අතර එසේ ගමන් කරන්නේ මි.මි.30 කාලතුවක්කු ඇතුළු ගිනි අවි රැසක්ද සහිතවයි. එම වේගයෙන්ම ගමන් කරන අතරතුර මුහුදේ ඇති ඕනෑම ඉලක්කයකට පහසුවෙන් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව තිබෙනවා. ඉන්ධන පිරවීමකින් තොරව සාමාන්‍යයෙන් දින 4ක් එක දිගට ගමන් කළ හැකියි.ගැඹුරු මෙන්ම නොගැඹුරු මුහුදේ ඉතා පහසුවෙන් හැසිරිය හැකි මෙම යාත්‍රාවට ඕනෑම දේශගුණික තත්වයක් යටතේ වුවද ක්‍රියාත්මක විය හැකියි. මෙම යාත්‍රාව සැලසුම් කර ඇත්තේ ඉතා වේගවත්ව හැසිරවිය හැකිවන ලෙස හා බඳ සකසා ඇත්තේ සියළුම වේග සීමා වලදි සමබරතාවය එක හා සමානව තබාගත හැකිවන ලෙසයි.එමෙන්ම මෙහි එන යාත්‍රා තුල නාව්කයන් හට හා කපිතාන් හට වෙන වෙනම විවේකය ගත කිරීමට හෝ නිදා ගැනීමට ඇදන් සහිත කොටස් දෙකක් වෙන වෙනම පිහිටා ඇති අතර කපිතාන් විවේක ගන්නා ඇද අසල ඇති දිශා දර්ශක කුඩා ඩිජිටල් තිරයක් මගින් යාත්‍රාව ගමන් ගන්නා දිසාව එතැන් සිටම කපිතාන් හට දැන ගත හැකි ලෙස නිර්මාණය කර ඇත නාව්කයන්ට අවශ්‍ය කෑම පිස ගැනීමට සහ ආහාර ගැනීමට වෙනම පුංචි මුලුතැන් ගෙයක් වැනි කොටසක්ද පිහිටුවා ඇත එමෙන්ම දියඹට යනවිට පුරවා ගත හැකි විශාල ජල ටැංකියක් හා එම ජලය අවසන් වූ විට මුහුදු ජලය පිරිසිදු කර පානය කිරීමේ තත්වයට සකස් කර ගත හැකි පිරිපහදු යන්ත්‍රද සවිකර ඇත.

මෙම විශේෂ යාත්‍රා වල සුලු අවි ක්‍රියාත්මක කරන නාවිකයන් හට විශේෂ පුහුණුවක් ලබා දෙනවා මන්ද යත් අධික වේගයෙන් ගමන් ගන්නා යාත්‍රාව දැඩිව චලනය වන අවස්ථාවල සතුරු ඉලක්කවලට සමබරතාව රදවා ගනිමින් ටක්කෙටම පහර එල්ල කිරීමට නාව්කයන් ප්‍රගුණ කර ඇත. දැනට ඇති දත්ත අනුව ඊශ්‍රායලේ නිශ්පාදිත මාර්ක් 1,2,3 වන ඩෝරා එකතුව 20 ක් පමණ ආසන්න ප්‍රමාණයක් ශ්‍රීලංකා නාව්ක හමුදාව සතුව ඇති අතර ඉන් කිහිපයක් ශ්‍රීලංකා වෙරළාරක්ෂක බලකාය හට රාජකාරි කටයුතු සදහා ලබා දී ඇත..එමෙන්ම ශ්‍රීලංකා වරාය Dock yard සමාගම විසින් නිර්මාණය කරණ ලද ඩෝරා මාදිලියේ ප්‍රහාරක යාත්‍රා 22 පමණද ශ්‍රී ලංකා නාව්ක හමුදාව සතුව පවතී.

කොටි පරදන අවසන් මහා සටනේ රට වට බැදි රන් වැටේ සවියට කරට කර උර දුන් මේ බඹර දේනුව කල මහගු කර්තව්‍යය සහ ඇය මෙහෙයවා උපරිමය ලබා ගත් ශ්‍රී ලංකා නාව්ක හමුදා පුතුනට අපගේ ගෞරවය නිති ලබා දිය යුතුමය..

ඩොන්- Shyam Don

Related posts

ත්‍රී රෝද රථයක ගැටී සුපිරි මෝටර් රථයක්‌ ගිනි ගනී.. බීමත් රියදුරුට ඇප

colombotoday

හාල් ගෙන්නන්න දෙන්නෙත් නෑ – මිල වැඩි කරන්න දෙන්නෙත් නෑ – ඇමති බන්දුල අමාරුවේ වැටෙයි.

colombotoday

ගෝඨා ශ්‍රීලනිපයට ගත්තොත් මං ඉන්නෙ නෑ.. සමහරු කියනව මට අංශභාගෙලු

colombotoday

ඊළම දකුණු පළාත දක්වා දිගුවෙයි.. කොටි සමරන්න අවසර දෙන්නැයි රජයෙන් ඉල්ලයි

colombotoday

පාකිස්තාන සරණාගතයන් ඉවත් කරැන්නැයි ඉල්ලා අම්බලන්තොට හර්තාල්…

colombotoday

විශ්වවිද්‍යාලයට පිවිසෙන භික්ෂූන් වහන්සේලා සිවුරු ඇරීම වැළැක්වීමට ජනපති ගන්න යන තීරණය

Admin