Colombo Today Local News

රුපියල තවත් පහතට

ප්‍රධාන පෙළේ වාණිජ බැංකුවල සහ රාජ්‍ය බැංකු කිහිපයක ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 355-360 ලෙස අද (27)දින සටහන් විය.

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල මෙරට ඉතිහාසයේ මෙතරම් අගයකට පහළ වැටුණු පළමු අවස්ථාව මෙය වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (27)දින නිකුත් කළ දෛනික විදේශ විනිමය අනුපාතවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 337.82 ක් වූ අතර විකුණුම් අනුපාතය රුපියල් 350.49 ක් විය.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර බැංකුවක අද දින යාවත්කාලීන කළ විදේශ විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 355 ලෙස සටහන් විය.

Related posts

“වෘත්තීය සමිති තමන්ගේ සීමාව දැනගත යුතුයි“ – ෆොන්සේකා කල්තියා අනතුරු අගවයි

colombotoday

ෆවුසිත් පනී…

colombotoday

පුපුරණ ද්‍රව්‍ය තොගයක් STF භාරයට

Admin

තව්හිද් ත්‍රස්ත සැකකරුවන්ගේ කෝටි 14 ක් රාජ සන්තකයි !

colombotoday

සන්ධානයේ පිරිසක් රනිල්ගේ ආණ්ඩුවට…

colombotoday

කොරෝනා රෝගීන් 16 දෙනෙකු හඳුනා ගැනේ

colombotoday