Colombo Today Local News

ඉන්ධන පිරවුම්හලේ පෝලිමක තවත් මරණයක්

කළුතර උතුර ඉන්ධන පිරවුම්හලේ භූමිතෙල් පෝලිමේ සිටි පුද්ගලයෙකු ඇද වැටී මියගොස් තිබේ.

කළුතර උතුර පොලීසිය පැවසුවේ අද (28) පස්වරුවේ මෙම මරණය සිදුවූ බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ කළුතර දකුණු, හීනටියන්ගල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සාදික් නමැති 63 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.

භූමිතෙල් ලබා ගැනීම සදහා උතුරු කළුතර පිරවුම්හලේ දිගු පෝලිමක රැදී සිටි ඔහු අද පස්වරු 2.00ට පමණ ඇද වැටී ඇත.

ඉන් පසුව සුවසැරිය ගිලන් රථයෙන් කළුතර මහ රෝහලට රැගෙන ගොස් ඇති අතර, ඒ වන විටත් එම පුද්ගලයා මියගොස් ඇති බව රෝහලේ වෛද්‍යවරුන් සදහන් කරයි.

Related posts

පරිවාසභාරයේ සිටින දරුවන්ට වෘත්තීය පුහුණුව

colombotoday

සෙනසුරු මාරුවෙයි.. ජනපතිගේ මාරක අනාවැකියත් මාරු වෙයි !

colombotoday

ප්‍රභාකරන්ගේ රුව සහිත ටීෂර්ට් මහනුවර වෙළදසැලකින් මතුවෙයි !

colombotoday

දැන් කෝටි ප්‍රකෝටි ගණන් ලාභ ලබන විදුලිබල මණ්ඩලය අභයාරාමයටත් විදුලිය කපන්න ගිහින්

Admin

රාජාංගණයේ සද්ධාරතන හිමි යළිත් රිමාන්ඩ්

Admin

නොරොච්චෝලේ බලාගාරයේ 3වැනි ජනන යන්ත්‍රය අද ජාතික පද්ධතියට

Admin