Uncategorized

නිවස ඉදිරිපිට මිනී පෙට්ටියක් තබා ඇමති ගම්ලත්ගේ පාංශකූලය දෙයි

වත්මන් රජය ගොවියාගේ මළගම සිදු කරන බව පවසමින් ගොවීහු පිරිසක් අද(29)දින උදෑසන සිරිපාල ගම්ලත් අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට මිනී පෙට්ටියක් තබා පාංශකූලය ලබා දී තිබේ.

පසුගිය 26 වන දින පොලොන්නරුව ගොවි ව්‍යාපාරයන් 4ට අයත් ගොවීන් ඒක්ව අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට ඇරඹූ අඛන්ඩ උපවාසය සිව්වන දිනටත් පැවති අතර එයට සහය දක්වමින් ගිරිතලේ චන්දන පොකුණ ගොවීහූ මිනී පෙට්ටියක් රැගෙන විරෝධතා පාගමනින් අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිටට පැමිණි මෙලෙස පාංශකූලය ලබා දීම සිදු කර ඇත.

විරෝධතාවයට ගොවීන් 200 කට අධික පිරිසක් එක්ව ඇත.

පසුගිය මාස් කන්නයේ කාබනික පොහොර වගාවෙන් සිය අස්වනු අඩු වූ බවත් මෙවර යල කන්නයේදී හෝ වගාවට අවශ්‍ය රසායනික පොහොර වෙළදපොලෙන් හෝ මිලට ගැනීමට මුදල් ලබා දෙන ලෙසද ඔවුහු කියා සිටියේය.

තවද සිය වගා වන්දි ලබා දීමට කටයුතු කරන බව ආණ්ඩුව ප්‍රකාශ කළද මේවනතුරුත් ඒය ලබා දීමට අපොහොසත් වීම යන කරුණු ගණනාවක් මුල් කරගනිමින් ඔවුහු විරෝධතාවයේ නිරත වූහ.

මෙහිදී ගොවීන් මුහුණපා ඇති ගැටළුවලට තමන් ඉදිරියට පැමිණ විසදුම් ලබා දෙන තුරු ආරම්භ කළ අඛන්ඩ උපවාසය දිගටම සිදුකරගෙන යන බව විරෝධතාවයේ නිරතවූවෝ පවසයි.

Related posts

A new boxing gym in Monroeville gives women the opportunity to train

colombotoday

නීති කඩමින් රටට ඇතුළු වූ ඇමෙරිකානු ජාතිකයා රාජතාන්ත්‍රිකයෙකු නොවේ.. විමල් කොළඹ ඇමරිකා තානාපතිට අභියෝග කරයි

colombotoday

“පිටි මිල අඩු කළොත් , පාං මිල අඩු වෙයි” – බේකරි හිමියන්ගේ සංගමය

Admin

එන්නත් ලබාගෙන රටින් එන අය ගෙදරම නිරෝධායනයට

colombotoday

Listen up: 3 Canadian fashion podcasts you should hear

colombotoday

බදු පැනවීම ගැන සුබ ආරංචියක්

Admin