Uncategorized

විදුලි පාරිභෝගික සේවා ලොරි රථය හරස් කර නිලධාරියෙකුට පහර දුන් උද්ඝෝෂකයෝ පස්දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට.

හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ විදුලි කාර්මික නිලධාරියෙකුට පහර දි තුවාල සිදු කල තරුණයන් පස් දෙනෙකු හැටන් පොලිසිය විසින් (29) දින සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ෆරිඩ්ඩින් මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් පස් දෙනා ලබන මස (05) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර එදින හදුනාගැනිමේ පෙරට්ටුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කලහ.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ හැටන් ෂැනන් වතු යායේ පදිංචි අවු 20-25 වයස් කාණ්ඩ වල පසුවන තරුණයන් පස් දෙනෙකි.
සැකකරුවන් පස්දෙනා (28) දින බිමත්ව උද්ඝෝෂණයක නිරතව සිටියදි විදුලි බිද වැටිමක් නඩත්තුවට ගොස් ආපසු හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වෙත පැමිණෙමින් සිටි එම නිලධාරියාට පහර දි ලොරි රථයේ යතුරු සැකකරුවන් භාරයට ගෙන ඇත.

පහර කැමට ලක් වු විදුලි බල මණ්ඩලයේ කාර්මික නිලධාරියා මේ වන විට දික්ඔය මුලික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන අතර , අයුතු ජනරාශ්‍රිය , අනර්ථයක් සිදු කිරිම , පහර දි තුවාල සිදු කිරිම යන චෝදනා යටතේ එම සැකකරුවන් පස්දෙනාට එරෙහිව හැටන් පොලිසිය විසින් අධිකරණය හමුවේ චෝදනා ගොනු කර ඇත.

මෙම සැකකරුවන් පස්දෙනා ඇතුළු එම වතුයායේ තවත් පිරිසක් හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ (28) දින ටයර් පුළුස්සා සිදු කල උද්ඝෝෂණය හේතුවෙන් හැටන් නුවරඑලිය , හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය පැය දෙකකට ආසන්න කාලයක් සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබුණි.

හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

සෙල්ෆි ගහපු වරදට රන්ජන්ට සති දෙකක් අමුත්තන් හමුවීම තහනම්

colombotoday

ඉහළින් ආ නියෝගයෙන් වැලිකඩ හිරගෙදර ධර්ම දේශනා අතරමග නවතී

colombotoday

මූල්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කරන්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක්

Admin

මධූෂ් ඇල්ලීමේ ගෞරවය එජාපයේ අපටයි… ජනපතිට නොවේ…

colombotoday

වසර 5ක් බලයේ සිටිය හැකිද… ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය නැවතත් විමසන්න යයි…

colombotoday

“මාවයි අම්මවයි තනිකරල එයා යන්නම ගියා” – මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනයන ගැන පුතු තැබූ සංවේදී සටහන

colombotoday