Colombo Today Local News

SAITM වෙඩි තැබීමේ නාටකයේ පාතාල මන්ත්‍රී මෛත්‍රී පිලෙන් මැතිවරණයට

මාලඹේ සයිටම් ආයතනයේ විධායක නිලධාරී සමීර සේනාරත්නට වෙඩි තැබීයැයි සිදු කළ රංගණයේ මහ මොලකරුවා ලෙස මේ වනවිට හඳුනාගෙන සිටින කඩුවෙල නගර සභාවේ හිටපු එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්‍රී ලක්මාල් විලත්ගමුව මෙවර මෛත්‍රී පාර්ශවයෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින බව වාර්තා වේ.

ඔහු නම ගිය පාතාල සාමාජිකයෙකු වන “ටීනා” නැමැත්තාගේ සමීපතමයෙකු බවද එකල මාධ්‍ය වාර්තා කර තිබූ අතර එම සිදුවීම වන සමය වනවිට ඔහු මහින්ද පාර්ශවය සමග කටයුතු කරමින් සිටියේය.

සයිටම් විරෝධීන් විසින් සමීර සේනාරත්නට වෙඩි තැබුවේ යැයි හැඟවීම සඳහා සයිටම් ආයතනය වෙනුවෙන් මෙම වෙඩි තැබීමේ රංගණය සම්පූර්ණයේම ලක්මාල් විලත්ගමුව විසින් සැලසුම් කර තිබිණි.

ලක්මාල් විලත්ගමුව සහ සුසිල් නැමති අනෙක් පුද්ගලයා මෝසමක් මගින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන් දෙදෙනා වෙනුවෙන් පෙනිසිටියේද මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පැවති ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට ඇති නඩු වෙනුවෙන් පෙනී සිටින ප්‍රේමනාත් සී දොලවත්ත නීතීඥ මහතාය.

Related posts

ශ්‍රී ලංකාව නොර්වේ සංචාරකයින්ට පනවා තිබූ තහනම ඉවතට

colombotoday

කවුරු විරුද්ධ වුණත් තැපැල් ගොඩනැගිලි හෝටල් හදන්න දෙනවා – තැපැල් ඇමති හලීම්

colombotoday

පෞද්ගලික සංචාරයකට අගමැති ඇමරිකාව බලා පිටත්ව යයි..

colombotoday

රටම බලා සිටි, ජනපතිගේ විශේෂ ප්‍රකාශය හෙට !

colombotoday

මල්වතුහිරිපිටිය විහාරස්ථානයේ හිමි නමක් ඝාතනය කිරීමේ සිදුවීමේ වෙඩික්කරු ජීව්තක්ශයට

Admin

මත්කුඩුවලට ඇබ්බඅහිවූවන් පුනරුත්ථාපන කරන මුවාවෙන් හෙරොයින් විකුණලා

colombotoday