Colombo Today Local News

රන්මාල-යතුරුපැදි කොල්ල කෑ සංවිධානාත්මක කල්ලියක් අල්ලයි

මනුෂ්‍ය ඝාතන 8 ට චෝදනා එල්ලවී ඇති, වසර 19 ක් සිරගතව සිට පැමිණි අපරාධකරුවකු මෙහයවන යතුරුපැදි සහ කාන්තාවන්ගේ ගෙලබැදි රන්මාල කොල්ලකන සිව්දෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

පොලීසියට ලද තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදී මහමග ගමන්ගත් කාන්තාවන් බියගන්වා කොල්ලකන ලද රන්මාල 2 ක් සහ යතුරුපැදි 3 ක් සොයාගත් බව වැටලීමට එක්වූ නිලධාරීයෙක් කරදහන් කරයි.

පානදුර, කළුතර, හොරණ සහ මතුගම ප්‍රදේශවල කොල්ලකෑම් සිදුකර ඇති බවට හදුනාගෙන ඇති බවත්, යතුරුපැදිවල අංක තහඩු සහ චෑසි අංක ව්‍යාජ ලෙස වෙනස්කර ඇති බවත් පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර, පයාගල සහ වරකාගොඩ ප්‍රදේශවල පදිංචි 21, 24, 40 සහ 49 හැවිරිදි පුද්ගලයින් බව පොලීසිය කියයි.

සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් සමන්ත අත්අඩංගුවට

colombotoday

විරෝධතාවයේ යෙදුණු 52ක් අත්අඩංගුවට

colombotoday

පුළුවන් හැම දේම අපි කලා. ඉතුරුටිකත් කරන්න සජිත් දිනවන්න. රවී කරුණානායක කියයි

colombotoday

ඊළාම් ඩයස්පොරා හඩ සිරිකොතෙන් ඇසේ.. හමුදා බුද්ධි ප්‍රධානියා ඉවත් කරන්නැයි දැඩි බලපෑම් !

colombotoday

රාජ්‍ය ණය බර බිලියන 9500 ක් !

colombotoday

ප්‍රාදේශීය පොලීසිවල ක්‍රියාකාරීත්වය ගැන තමන් සතුටු නොවන බව ආරක්ෂක ලේකම් කියයි

colombotoday