World

හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ.. හිටපු ජනපති අත්අඩංගුවට ගනී

මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල් ගයුම් මහතාගේ නිවසට කඩා වැදුණු එරට පොලිසිය හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇතැයි මාලදිවයින් පුවත් සේවා වාර්තා කරයි.

පොලිසිය කඩා වැදී තම පියා අත්අඩංගුවට ගත්තේ යැයි හිටපු ජනාධිපතිවරයාගේ දියණිය යුම්නා මවුමූන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇති අතර ඇය උපුටා දක්වමින් හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට පත්ව ඇතැයි පුවත් සේවා වාර්තා කරයි.

හිටපු ජනාධිපති අබ්දුල් ගයුම් වත්මන් ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ අර්ධ සහෝදරයෙක් ද වේ.

මේ අතර දින 15ක හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යමීන් තීරණය කර තිබේ.

මාලදිවයිනේ දේශපාලන අර්බුදකාරී වාතාවරණය තවත් උග්‍ර අතට පත් කරමින් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබෙන අතර රාජ්‍ය සහ ආණ්ඩු විරෝධී ලෙස හැසිරෙන ඕනෑම අයකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට අවස්ථාව හිමිවනු ඇත.

ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මාලදිවයිනේ අර්බුදකාරී දේශපාලන වාතාවරණය උග්‍ර අතට හැරිණි.

Related posts

සිම්බාබ්වේ මහබැංකුවක් රන් කාසි නිකුත් කරයි – උද්ධමනය ඉහළ යාමෙන් ලංකාව දෙවැනි තැනට

colombotoday

ඉන්දියාවම ලොක්ඩවුන් වෙද්දී නිවෙස් වෙත මත්පැන් බෙදන බටහිර බෙංගාලය

colombotoday

ට්‍රම්ප්, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය බාරගනී

colombotoday

කාන්තා බන්ධනාගාරයක ගැටුමකින් 41ක් මියයයි

Admin

එක්සත් රාජධානියෙන් තවත් එන්නතකට අනුමැතිය

colombotoday

එට්නා ගිනිකන්ද පුපුරා යයි

colombotoday