Covid 19

ඇහැළියගොඩ ඇඟලුම් කම්හලක 43කට කොවිඩ් – 1200ක් නිවෙස්වල නිරෝධායනයට

ඇහැළියගොඩ දියුරුම්පිටිය ප්‍රදේශයේ පිහිටා ඇති ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන, නිවෙස් නිරෝධායනය සඳහා යොමුකර සිටි 43 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට අද (27)දිනයේ හඳුනාගැණුනි.

ඒ, මීට දින 3කට පෙර සිදුකර තිබූ PCR පරීක්ෂණවල ප්‍රතිඵල අද දිනයේ පැමිණීමත් සමගය.

මෙම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ 1200ක් පමණ පිරිසක් සේවය කරන අතර ඔවුන්ව පසුගියදා නිරෝධායන සඳහා යොමු කර තිබුණි.

කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් පිරිස ඇහැළියගොඩ, කුරුවිට, වේයන්ගොඩ, දෙහිඕවිට, අවිස්සාවේල්ල, යටියන්තොට, රත්නපුර, පාදුක්ක, බෝකුන්දර, කොස්ගම, හෝමාගම, කරවනැල්ල ආදී ප්‍රදේශවල නිවෙස් නිරෝධායනය වෙමින් සිටි පිරිසකි.

කොවිඩ් -19 ආසාදිත මෙම රෝගීන් සියලුදෙනා කහවත්ත සහ ඇඹිලිපිටිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ.

අදාළ කර්මාන්ත ශාලාවේ තවත් පිරිසකගේ PCR පරීක්ෂණවල ප්‍රතිඵල ලැබීමට නියමිතය.

Related posts

ට්‍රම්ප් කොරෝනා වෛරස් පරීක්ෂණයට ලක්වෙලා

colombotoday

තවත් කොවිඩ් මරණ 28ක්

colombotoday

කොරෝනා ආසානය වී සිටි විදුහල්පති පැන ගිහින්.

colombotoday

තවත් කොවිඩ් මරණ 13ක්

colombotoday

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත සංඛ්‍යාව 219 දක්වා ඉහළට

colombotoday

කොවිඩ් ආසාදිතයන් හඳුනාගත හැකි පහසු රුධිර පරීක්ෂණ ක්‍රමවේදයක්

colombotoday