Colombo Today Local News

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ගැන එජාපයේ මතය ඇමති හරින් කියයි

ලන්ඩනයේ කොටි හිතවාදීන් ඉදිරියේ ශ්‍රී ලංකා ධජය ප්‍රදර්ශනය කරමින් අභියෝග කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට බ්‍රිතාන්‍ය රජය දඩුවම් කිරීමට පෙර ඔහුගේ වැඩ තහනම් කර ලංකාවට ගෙන ආ යුතු බව ඩිජිටල් යටිතල පහසුකම් හා විදුලි සංදේශ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අද (07දා) බදුල්ලේ සිය පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය අමතමින් හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා, අදාළ සිදුවීම මුල්කරගනිමින් රාජපක්ෂලා දේශපාලන වාසි ගැනීමට හදන බවද කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේද කියා සිටියේය,

“එංගලන්තයේ මහ කොමසාරිස් කාර්යාලයට යටත්ව කටයුතු කරන බ්‍රිගේඩියර් ප්‍රියංග ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් මේ දවස්වල මහත් ආන්දෝලානාත්මක ප්‍රවෘත්තියක් සමාජ වෙබ්ජාලාවල, ප්‍රවෘත්තිවල යනවා.

නමුත් පැහැදිලිව කියන්න ඕන ප්‍රියංග ප්‍රනාන්දු මැතිතුමා 2010 මැතිවරණය කාලේ සරත් ෆොන්සේකා මහතාගේ කාලයේමුල්ලන්කෝවිල් කියන කඳවුරේ තමයි කමාන්ඩින් ඔෆිසර් හැටියට කටයුතු කළේ.එසේ කටයුතු කරන කොට ඒ කාලේ ගායකයෙක් ඇවිල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයට ජන්දය දෙන්න කියල කියද්දි එතුමා ඒ ගායකයාට ප්‍රකාශයක් කළා කඳවුර ඇතුළෙ දේශපාලනය කරන්න එපා කියලා.ඒක කිව්වයි කියල පැය ගාණක් යනකොට එතුමාගේ වැඩ තහනම් කරපු කණ්ඩායම තමයි දැන් මෙතුමා වෙනුවෙන් වැඩියෙන්ම කඳුළු සලන්නේ.

මං විශ්වාසයෙන් කියන්න ඕන.එතුමා එදා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට සංවේදීව හැසිරුණා.මං වුණත් ඇමතිවරයෙක් හැටියට මගේ ඉස්සරහට ඇවිල්ලා ප්‍රභාකරන් වෙනුවෙන් කවුරුහරි කෑගැහුවානම් මගෙත් ඇඟේ ලේ කුපිත වීම සාමාන්‍යසිදුවීමක්.

ඒ නිසා මේ වෙලාවේ එක් ඉල්ලීමක් කරනවා මේක දේශපාලනීකරණය කරන්න හදන්න එපා.මේක මැතිවරණ වේදිකාවට උස්සන් එන්න හදන්න එපා.

බ්‍රිතාන්‍යයේ නීතිය අනුව එතුමාට ඊට වඩා ලොකු දඬුවමක් ලැබෙන්න තියෙන එකටඅපට මේ වෙලාවේ කරන්න තියෙන්නේ එතුමාගේ වැඩ තහනම් කරලා ලංකාවට ගෙනැල්ල පරීක්ෂණයක් කරලා, අපි විසඳගන්න එකයි. එහෙම නැතිව ලොකු ප්‍රශ්නයක් ඇති කරගන්න එක නොවෙයි. ඉතින් අර ස්වාසිලන්තයත් එක්ක ගනුදෙනු කරපු රාජපක්ෂලාට එංගලන්තයත් එක්ක ගනුදෙනු කරලා තේරෙන්නේ නැතිව ඇති.

අපි එතුමා බේරාගන්නම්, අපි එතුමා‍ගේ ප්‍රශ්නය විසඳාගන්නම්. ඔබතුමාලා මැදමුලනට ගිහින් ඔබතුමාගේ දේශපාලනය කරගන්න කියන ඉල්ලීම තමයි කරන්න වෙලාතියෙන්නේ” යනුවෙන් කියා සිටියේය.

කෙසේ වෙතත් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ වැඩ තහනම් කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය ගත් තීරණය අවලංගු කර බ්‍රි ගේඩියර්වරයා යළි සේවයේ පිහිටුවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශය පවතින්නේ එක්සත් ජාතික පක්ෂය යටතේ වන අතර තිලක් මාරපන මහතා විදේශ ඇමතිවරයා ලෙස කටයුතු කරයි.

Related posts

තවත් ප්‍රදේශ 12ක් හුදකලා කෙරේ

colombotoday

අගමැතිට හා කැබිනට් මණ්ඩලයට තනතුරු දැරීම තාවකාලිකව තහනම් කරයි… අධිකරණය අද දුන් තීන්දුව මෙන්න

colombotoday

හම්බන්තොට විදුලි ගබඩාවක් ස්ථාපිත කරන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Admin

බල පොරය අස්සේ ආර්ථිකය හොම්බෙන් යයි.. රුපියල වැටීමෙන් ගෙවිය යුතු විදේශ ණය ඩබල් වෙයි !

colombotoday

අපි ගැන ඇහැක් ඇර බලන්නෑ.. සාලාවේ වැසියෝ අදත් පාරට බහී.. පාර වසා විරෝධය පායි

colombotoday

මම ග‍්‍රාමසේවක කාලෙත් ගමේ අරක්කුකාරයන්ට හා කසිප්පුකාරයන්ට මාව හිසරදයක් වුණා

colombotoday