රට වටා

ගුරුවරුන් කවි ලිව්වොත් දඩුවම් ?

කවිකාර ගුරුවරයකුට එරෙහිව අධ්‍යාපන අමාත්‍යාංශය කවි ලිවීමට එරෙහි විමර්ශනයක් ආරම්භ කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින ලංකා ගුරු සංගමය, අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර ගුරුවරුන්ගේ හැකියාව මොට කිරීමේ ක්‍රියාවලියක් ලෙස දැඩි දෝෂ දර්ශනයට ලක් කරයි.

රාජ්‍ය සේවකයන්ගේ භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර තිබියදීත් මෙවැනි දෑ සිදුවීම බරපතල තත්වයක් බව ලංකා ගුරු සංගමය කියා සිටියි.

පාසලේ දී තමන්ට සිදුවන ලිංගික අතවර සම්බන්ධයෙන් පියවර නොගැනීමට එරෙහිව ජනමාධ්‍යයට අදහස් පළ කිරීම හේතුවෙන් වැඩ තහනමට ලක්වූ කොළඹ මහානාම විද්‍යාලයේ ගුරුවරියක් ගොනු කළ නඩුවකදී ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව දුන් බව ලංකා ගුරු සංගම් නායකයා පෙන්වා දෙයි.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ඒ බව සඳහන් කළේ තමන් විසින් රචිත කවි කිහිපයක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රසිද්ධ කළ කුරුණෑගල කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ එච්.එම්. කුෂාන් ශාලික හේරත් ගුරුවරයාට එරෙහිව අධ්‍යාපන අමාත්‍යාංශයේ වංචා විමර්ශන ඒකකය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබීම සම්බන්ධයෙන් ‘රේඩියෝ ගගන’ වෙත අදහස් දක්වමිනි.

එච්.එම්. කුෂාන් ශාලික හේරත් එම විද්‍යාලයේ උසස් පෙළ පන්ති සඳහා තාක්ෂණවේදය උගන්වන ගුරුවරයෙක් වන අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ වංචා විමර්ශන ඒකකයේ නිලධාරීන් පසුගිය ජනවාරි 23 වන සඳුදා දින හදිසියේ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයට කඩා වැදී ඇති අතර ඉන් පසුව කුෂාන් ශාලික හේරත් ගුරුවරයාගෙන් කවි ලිවීම හා ඒවා ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබුණි.

ගුරුවරයකුව හිඳිමින් කවි ලිවීම නිසා කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයටත් අධ්‍යාපන අමාත්‍යාංශයටත් අපහාසයක් වන බවට චෝදනා කර ඇති විමර්ශන කණ්ඩායම කවි ලිවීමෙන් “ගුරු භවතුන් හෝ සිසු දරුවන් උසි ගන්වනවාද” යනුවෙන්ද ඔහුගෙන් ප්‍රශ්න කර තිබුණි.

ගුරුවරුන් යනු විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තම හැකියාවන් වර්ධනය කරගත යුතු පිරිසක් බව පෙන්වා දෙන ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් මහතා අවධාරණය කරන්නේ, ලංකාවේ මෙතෙක් බිහිවී ඇති උසස් ගනයේ කවීන් බොහෝ දෙනකු ගුරුවරුන් ලෙස සේවක කර තිබෙන පිරිසක් වන අතර සිසුන්ගේ දක්ෂතා වර්ධනය කිරීමට නම් ගුරුවරයාද දක්ෂ අයකු විය යුතු බවයි.

රාජ්‍ය සම්මාන දිනූ කිවියර හා ගීත රචක රත්න ශ්‍රී විජේසිංහ ද ගුරු සේවයේ හිඳිමින් විශිෂ්ට රචනා කළ අයකු බවද ඔහු සිහිපත් කර දුන්නේය.

ගුණදාස කපුගේ ගායනයෙන් ප්‍රසිද්ධියට පත් “මගේ බිසව්නේ අසාපන්” ගීතය ගුරු සේවයේ සිටියදී 1980 මහා වැඩ වර්ජනයට සහභාගි වීම නිසා දඬුවම් මාරුවක් ලැබීම ගැන රත්න ශ්‍රී කවියා විසින් ලියන ලද්දකි.

ගුරුවරුන්ගේ හැකියාව මොට කිරීම තුල දරුවන්ගේ හැකියාවන්ද හීන වන බව පෙන්වා දෙන ගුරු සංගම් නායකයා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙම ක්‍රියා කලාපය විහිලුවක් බවයි.

මෙය විහිලුවක් ලෙස සලකා ගණන් නොගෙන සිටිය නොහැකි බරපතල තත්වයක් ලෙසද විග්‍රහ කරන ඔහු පෙන්වා දෙන්නේ නවීන තාක්ෂණය පාසල් පද්ධතියට හදුන්වා දීම පිළිබදව කතා කරන වත්මන් ආණ්ඩුව මෙවැනි පසුගාමී ක්‍රියා පිළිවෙත් වලට එළැඹීම ඉතා කනගාටුදායක තත්වයක් බවයි.

Related posts

යතුරුපැදියේ අධික වේගයෙන් ගිය පාසල් සිසුන් දෙදෙනෙක් මරු දකී

Admin

ක්‍රීඩාවෙන් ජාතික තලයට ගිය වයඹ පළාත වර්තමානයේ පසුබැහැලා – පාලිත රංගේබණ්ඩාර

colombotoday

මහින්දගේ ආරක්ෂක පෙර ගමන් රථයක් අනතුරට ලක් වෙයි

colombotoday

වෘත්තීය සමිති නායකයෝ වෛද්‍ය සභාව සමග සාකච්ඡාවක

colombotoday

කුවේට් හි විදේශ ශ්‍රමිකයන්ගේ සෞඛ්‍ය ගාස්තු ඉහළට

colombotoday

මහජන බැංකුව තෛපොන්ගල් උත්සවය සමරයි

colombotoday