Colombo Today Local News

30% ක් ගත් රනිල්ට අස් වෙන්න කියනවා නම් 15% ක් ගත් ජනාධිපති ඊට පෙර අස්විය යුතුයි. -එ.ජා.ප. ය කියයි

මැතිවරණ පරාජයේ වගකීම බාරගෙන අගමැතිවරයාට ඉල්ලා අස්වෙන්නැයි ජනාධිපතිවරයා කියනවානම්, මැතිවරණයේදී අත්ත පරාජයකට පත්වූ ජනාධිපතිවරයා ඊට පෙර ඉල්ලා අස්විය යුතු යැයි එක්සත් ජාතික පක්ෂය පවසයි.

ඊයේ (13) එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ හදිසි රැස්වීමක් මලික් සමරවික්‍රම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම එක හඬින් කියා ඇත්තේ පළාත් පාලන මැතිවරණයෙන් 30% ක් ලබාගත් රනිල් අස්විය යුතු යැයි කියනවා නම් ඊට පෙර, 15% ක් ගත් ජනාධිපතිවරයා ද ඉල්ලා අස්විය යුතු බව ය.

තවද ජනාධිපතිවරයාගේ පූර්ව මැතිවරණ හැසිරීම ද එ.ජා.ප. පා. කණ්ඩායම විසින් දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කර තිබේ. “අපි මේව ඉවසගෙන හිටියා මිස ජාතික ආණ්ඩුවේ සමගිය වෙනුවෙන් අපි ඒවාට පිළිතුරු දෙන්න ගියෙ නෑ. නමුත් තවදුරටත් ඉවසිය මේ තත්වය ඉවසිය යුතු නැහැ.” යැයි එහිදී ඔවුන් පවසා තිබේ. එහිදී වැඩිදුරටත් අවධාරණය කෙරුණු කාරණයක් වූයේ පළාත් පාලන මැතිවරණයට පෙර අවසාන සුමාන දෙකේදී ජනාධිපතිවරයාගේ හැසිරීම ඔහුගේ තනතුරට සහ ගරුත්වයට තරම් නොවන බවයි.

Related posts

ආචාර්ය වික්ටර් රත්නායකට ඕස්ට්‍රේලියාවෙන් ලැබුණු සම්මානය

colombotoday

වාලම්පුරියක් සමඟ හිටපු යුද හමුදා සෙබලෙක් මාට්ටු

Admin

යූ.එන්.පී. පත්වීම් 5000ක්‌ ජනපති අණින් නවතී

colombotoday

අවුරුද්දෙන් පස්සේ හිටපු ජනපතිගේ තැන් මාරුවක්

colombotoday

යාපනයේ ලැඟුම්හලක් තුළ පවත්වාගෙන ගිය ස්කාගාරයක් වටයි

colombotoday

ඇමතිකම් එපා කියු මුස්ලිම් කොංග්‍රස් මංත්‍රී දෙදෙනෙක් ඒවා ආයෙත් ඉල්ලති

colombotoday