Colombo Today Local News

“දැනෙන වෙනසකට” ශ්‍රීලනිප සහ එජාප ඇමතිවරු අතර තවත් සාකච්ඡාවක්

පළාත් පාලන මැතිවරණයෙන් පසුව උද්ගත වී තිබෙන වාතාවරණය පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස අද(14) පැවැත්වෙන කැබිනට් රැස්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් හමුවීමට එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් තීරණය කර තිබේ.
අමාත්‍යවරුන් එම තීරණයට එළැඹ තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අගමැති ධූරයේ ක්‍රියාකරනු ඇතැයි යන පණිවිඩය රැගත් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපතිවරයා සමග අඟහරුවාදා (පෙබරවාරි 13) රාත්‍රියේ පැවති සාකච්ඡාවේදීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව සන්ධාන ආණ්ඩුව ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් යෝජනා ඉදරිපත් කිරීම පිණිස විශේෂ කමිටුවක් පත්කිරීමට ද එහිදී තීරණය කෙරුණු බව එයට එක්ව සිටි අමාත්‍යවරයෙක් ප්‍රකාශ කර තිබුණි.
අදාළ කමිටුව පත් කොට සති අන්තය වනවිට තීරණයක් ගනිමුයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාවට ප්‍රතිචාරය පළ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කර තිබෙන්නේ කමිටුවක් පත් කළත්, එදිනම (බදාදාම) ඒ පිළිබඳව අවසාන තීරණයක් ගත යුතු බවය.
විශේෂයෙන්ම රටේ ජනතාව “දැනෙන වෙනසක්” ඉල්ලා සිටින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, තමන්ට හැඟෙන ආකාරයට එය අගමැති පදවියේ වෙනසක් බව යළිත් වරක් පෙන්වා දුන් බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
කැබිනට් අමාත්‍යවරුන් පිරිස හැරුණු විට ජනපතිවරයා සහ අගමැතිවරයාගේ විශේෂ ආරාධනයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ද සාකච්ඡාවට සහභාගී වී සිටි බව සිංහල බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
එහිදී දීර්ඝ වශයෙන් කරුණු දැක්වීමක් කළ රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා, මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳව එක පක්ෂයක් පමණක් නොව දෙපාර්ශවයම වගකිව යුතු බව සවිස්තරව පෙන්වා දී තිබේ.
එබැවින් වැරදි නිවැරදි කරගෙන, මින් ඉදිරියට හෝ තමන්ට ඡන්දය දුන් හැට දෙලක්ෂයක ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීම දෙපාර්ශවයේම වගකීම බව ද ඔහු අවධාරණය කර තිබේ.
කෙසේ වුවත් පක්ෂ නායකත්වයෙන් ඉවත් වී නිර්පාක්ෂික ජනාධිපතිවරයෙකු වශයෙන් ක්‍රියාකරන්නැයි කළ ඉල්ලීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතික්ෂේප කළ බව ද බීබීසී සිංහල සේවය වාර්තා කරයි.
රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අග්‍රාමාත්‍ය ධූරයේ ක්‍රියාකරනු ඇතැයි, පැජට් පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ නිවසේ පැවති එම හමුවට පෙර අරලියගහ මන්දිරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවකදී තීරණය කර තිබිණ.
මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස ක්‍රියාකරන ආණ්ඩුවක තවදුරටත් නොරැඳෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශකයෙකු ඊට පෙරාතුව සඳහන් කර තිබිණ.

Related posts

ජනපතිගෙන් චීන ව්‍යාපාරිකයින්ට ආරාධනාවක්

Admin

බදු ප්‍රතිශත ඩබල් වෙයි.. වෑන් ලක්ෂ 25කින්, හයිබ්‍රිඩ් ලක්ෂ 5කින් වැඩි වෙයි

colombotoday

ධීවරයන්ට බෙදා දීමට ගෙනා ටැබ් 1500ක් අතුරුදන් !

colombotoday

“STF ප්‍රධානියා රිමාන්ඩ් කිරීම නොහොබිනා වැඩක්“ – හෙළ උරුමයෙන් ආණ්ඩුවේ සගන්ට චෝදනා

colombotoday

විමල්ට අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි

colombotoday

ප්‍රංශ ප්‍රහාරයට බෝම්බ හදා ඇත්තේ ධර්මරාජන් නමැති කළු කොටියා – ජාත්‍යන්තර පොලිසියෙන් පරීක්ෂණ

colombotoday