Colombo Today Local News

මහශිව රාත්‍රීය උදාවේ මන්නාරමේ හින්දු කෝවිල්වටල ප්‍රහාර.. බුදු පිළිම, ශිව, ගණදෙවි පිළිම පැහැරගෙන යති

හින්දු බැතුමතුන් විසින් ශිව දෙවියන් සමරණ මහා ශිව රාත්‍රී  (12) දින රාත්‍රී කාලයේදී මන්නාරම් දිස්ත්‍රික්කයේ ස්ථාන තුනක පිහිටි හින්දු කෝවිල්වල තිබූ පිළිම වල කිසියම් පිරිසක් පහරදි අලාභහානී සිදුකර තිබෙනවා.

තලෙයිමන්නාරම් ප්‍රධාන මාර්ගයේ පිහිටි මිට වසර 30කට පෙර ඉන්දීය හමුදාව ඉදිකළ ලිංගේෂ්වර් කෝවිලේ ස්ථාපිත කර තිබූ බුදු පිළිම, ශිව සහ ගණ දෙවි පිළිමද පැහැරගෙන ගොස් තිබෙන බව පැවසේ.

මන්නාරම තාලුපාඩු ප්‍රධාන මාර්ගයේ කීරී හන්දියේ මෙයින් වසර 18 ට පෙර ස්ථාපිත කරන ලද ආලෙයඩි පිල්ලෙයාර් පිලිමයටද අලාභහානි කර ඇති අතර, තල්ලාඩි ගුවන් පථය ඉදිරිපිට තිබු ගනපති පිළිමයද අතුරුදහන්ව ඇතැයි පැවසේ.

යුද සමයේ සහ ඉන් පසුව මන්නාරම ප්‍රදේශයේ හින්දු ජනතාව ඉලක්ක කරගනිමින් ක්‍රිස්තියානි මූලධර්මවාදී අන්‍යාගම්කරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක අතර, පසුගිය සමයේ අවස්ථා කිහිපයකදී ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම්වලින් එම ප්‍රදේශයේ හින්දු ජනතාවට සහ කෝවිල්වලට තර්ජණ එල්ලවී තිබුණා.

Related posts

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 10ක් එජාපයට

colombotoday

කහටගස්දිගිලිය සියළු වෙළදසැල් වසා දැමේ

colombotoday

පරිසර පාලුවෝ ඩෙවොන් රක්ෂිතයට ගිනි තබති… අක්කර 20කට හානි

colombotoday

2023 අයවැය ඡන්ද විමසීම දෙසැම්බර් මස 08

Admin

තියෙනවයි කියූ ගම් මට්ටමත්, බිම් මට්ටමත් සජිත්ට නෑ… බෞද්ධයන් 75% අපට විරුද්ධයි !

colombotoday

අ.පො.ස. සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් වේ..

colombotoday