Colombo Today Local NewsTop Stories

සන්ධානය බහුතරය පෙන්වන්න යයි.. නිමල් සිරිපාල අගමැති කර අලුත් ආණ්ඩුවක්…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අගමැති කර නව ආණ්ඩුවක් පිහිටුවීම සදහා එම පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුවේ බලය පෙන්වීමට සූදානම් වන බවට වාර්තා වනවා.

දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ නව ආණ්ඩුව පිහිටුවීමේදී ඒකාබද්ධ විපක්ෂය තනතුරු නොගෙන සහය දැක්වීමට එකගත්වය පළකර ඇති බවයි.

මේ අතර ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත්තේ ආණ්ඩුව සමග සිටින ශ්‍රීලනිප මන්ත්‍රිවරු 42නාගේත් ඒකාබද්ද විපක්ෂයේ මන්ත්‍රීවරු 52 දෙනාගේ සහ එජාපයේ හා හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන් 26 දෙනෙකුගේ සහයෙන් නව ආණ්ඩුව පිහිටුවීමට යෝජනා වී ඇති බවයි.

ඒකාබද්ධයේ මන්ත්‍රීවරු පිරිසක් ඊයේ 14 රාත්‍රියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයිද එම පුවත්පත් වාර්තාව සදහන් කරයි.

මේ අතර නිමල් සිරිපාලද සිල්වා මහතා අගමැති කිරීමට මේවනවිට මන්ත්‍රීවරුන් 117 දෙනෙකුගේ සහය පළවී ඇතැයි නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා, කතානායක කරු ජයසුරිය මහතාට දැනුම්දී ඇතැයි පැවසේ.

Related posts

සියලු පාසල්වල 10 සිට 13 දක්වා ශ්‍රේණි නොවැම්බර් ඇරඹේ.

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය සමග බන්ධනාගාර නිලධාරියෙක් අත්අඩංගුවට

colombotoday

වෛද්‍ය සිසුන්ට පහරට දී ඇත්තේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ දේශ පාලන මැරයෝ

colombotoday

මූණ වසාගෙන විභාගෙ ලියන්න ඇවිත්.. ශාලාධිපතිනිය නීතිය අකුරටම කරයි.. දෙමව්පියෝ උරණවෙති

colombotoday

ගම්පහ වෙළෙඳසැල් අද විවෘතව තැබෙන වේලාවන්

colombotoday

මාධ්‍යවේදී ලසන්ත මරා වසර 15යි… ඝාතකයන් තවමත් නිදැල්ලේ

Admin