Colombo Today Local NewsTop Stories

චෝදනා කිරීමට පෙර කන්නාඩියක් ඉදිරයට ගොස් ඇඳුම් උනා දමා සියල්ල තිබෙනවාදැයි බලන්න – ජී එල්ට බොදු බලෙන් පිළිතුරු

පැවති පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුව ජයග්‍රහණය කිරීම පිලිබදව සතුටු වෙන බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසනවා. ඒ අද රාජගිරිය බොදු බල සේනා ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය.

මහින්ද රාජපක්ෂ මහතා ගොඩනගා ඇති සමාජ ප්‍රාග්ධනය මත මෙම ජයග්‍රහණය ලැබූ බවත් ඒ පිලිබදව කිසිවකුත් උඩපනින්න දගලන්න අවශ්‍ය නොවන බවත් ජී.එල් පීරිස් මහතා පැකේජය පෙඩරල් විවස්ථාව ගෙන එන අවදියේදී සිටියේ කොතනද යන්න දන්නා බවත්, ඒ ගැන දුක් වීමක් නැති බවත් අද හරි තැන හිටගෙන සිටීම පිලිබදව සතුටු වෙන බවත් ඥානසාර හිමියෝ පැවසුහ.

නමුත් එතුමාගේ ලිපි ශිර්ෂ යටතේ ව්‍යාජ පුවතක් පදනම් කරගෙන නිකුත් කර ඇති නිවේදනය වැරදි මෙන්ම බොදු බල සේනා සංවිධානය කිසිදු දේශපාලන පක්ෂයකට සහයෝගය නොදැක්වූ බවත් “මුස්ලිම් ජනතාව මුලා කිරීමට තවත් උත්සහයක්” ලෙස ඉදිරිපත් කර ඇති මාධ්‍ය නිවේදනය පදනම් විරහිත බවත් උන් වහන්සේ පැවසුහ.

මේ වෙලාවේදී කා සමගවත් ගැටුමකට නොයන බව පැවසු උන්වහන්සේ රට ඉතා බයානක තත්වයක මේ වන විට පවතින බව පැවසුහා. උන් වහන්සේ මන්ත්‍රීවරු කුණු මාළු මෙන් ලංසුවලට විකිනෙමින් පවතින බවත් බොරු පුවත් අන්තර්ජාල මාධ්‍ය තුල පලකරන්නන්ට විරුද්දව පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇති බවත් උන්වහන්සේ සඳහන් කර සිටියහ.

“මුස්ලිම් ජනතාව මුලා කිරීමට තවත් උත්සහයක්” යන ශීර්ෂය යටතේ නිකුත් කර ඇති නිවේදනය අසත්‍ය කරුණු මත පදනම් වුවක් බවත් හිතාගතවත් නොහැකි බොරු එම ප්‍රකාශයේ ඇති බවත් පැවසූ ඥානසාර හිමි පසුගිය කාලයේ ඇතිවූ ගැටුම් පිලිබදව පොදුවේ සෙවීමට කොමිසමක් පත් කලයුතු බව දිගින් දිගටම බොදු බල සේනා සංවිධානය ඉල්ලීම් කල බවත් පැවසුහ.

ජි ඇල් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ හතර පස් දෙනෙක් බොදු බල සේනා සංවිධානය විනාශ කරන්න ඔනෑ යැයි සිතන බව පැවසු උන්වහන්සේ නින්දෙන් ඇහැරුණු බබ්බු මෙන් ලැබුණු මැතිවරණ ප්‍රතිපලයෙන් ඔලුව උදුම්මවා මළ සමයං නැටීමට එන්න එපායැයි පැවසුහ. මුස්ලිම් ප්‍රශ්නය පිලිබදව අපට චෝදනා කිරීමට පෙර කන්නාඩියක් ඉදිරයට ගොස් ඇඳුම් උනා දමා සියල්ල තිබෙනවාදැයි බලන්න කියලා අපි ජී ඇල්ට කියනවා යැයි පැවසීය.

ඉන්න කාලෙත් විසඳුමක් නොදී සිට තමන්ගේ දේශපාලන බලය හසුරුවා ගැනීමට ජාතික වැඩපිළිවෙලක නියැලෙන බොදු බල සේනාව පාපන්දුවක් කර නොගෙන මුස්ලිම් ඡන්ද ලබාගැනීමට අවශ්‍යනම් කලයුත්තේ මුස්ලිම් ගැටලුව පිලිබදව ඒකාබද්ධ විපක්ෂයේ මතය කුමක්දැයි පැහැදිලි කිරීම බව පැවසූහ.

දිනක් තුල ඇප තුනක් ලබා ගත්තේ තමන් වහන්සේ වැරද්දක් නොකළ නිසා බව පැවසූ උන්වහන්සේ බුද්ධි අංශ පවා එය සනාථ කල බවත් තමන් වහන්සේ අත්අඩංගුවට ගැනීමට විරුද්ධව ලංකාවේ ඉහලම නිතිඥ්ඥ මහතුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලීක අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කල බවත් එය විභාගයට ගැනීමට දිනක් තිබියදී තමන් වහන්සේට ඇප ලැබුණු බවත් ජී එල්ට ඒ පිලිබදව ඇති අමාරුව කුමක්දැයි ප්‍රශ්න කර සිටි ඥානසාර හිමි “මොකද්ද මේ මිනිසුන්ගේ කුපාඩි දේශපාලනය” යැයි පැවසූහ.

පසුගියදා ගින්තොට ගැටළුවක් පැනනැගුනු බවත් ඒ කිසිම අවස්ථාවක ජී එල් ගොස් තමන්ගේ පාක්ෂිකයන් වෙනුවෙන්, තමන්ට කතිරය ගහන මිනිස්සු වෙනුවෙන් පෙනී නොසිටි බවත් රටේ බොහෝ තැන්වල මිනිසුන්ගේ දුක් අන්දොනා නැගෙද්දී ඒ හැම වෙලාවකම තමන් වහන්සේ ගොස් බෙල්ල දෙන බව පැවසු ඥානසාර හිමි හැමෝම ගින්තොට ඇවිලෙනකම් බලා සිටි බවත් තමන් වහන්සේ ගොස් තත්වය සමතයකට පත් කල බවත් පැවසූහ. ඒ නිසා ලෝකය ඉදිරියේ සිංහලයාගේ නිවැරදි බව තහවුරු කිරීමට හැකි වූ බවත් ඥානසාර හිමි පැවසූහ.

රට අරාජික තත්වයක තත්වයකට පත්වී ඇති බවත් රට කරන්න බැරිනම් පුළුවන් අයට කරන්නට දී යා යුතු බවත් අවධාරණය කර සිටියේය.

මෙම මාධ්‍ය හමුව සඳහා බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරී කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතාද සහාබාගී විය.

Related posts

ජනාධිපති කාර්ය මණ්ඩලයට තවත් පිරිසක් බඳවා ගනී

Admin

ඉරානයේ දේවස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක්

Admin

සුබසාධන ප්‍රතිලාභ ලබාදෙන අය ගැන තවත් හොයයි

Admin

අරගලයෙන් ගාලු මුවදොරට ලක්ෂ 49 ක පාඩුවක්… හානි වුණු තණ කොළ වවන්න ලක්ෂ 47 ½ ක් යයි.

colombotoday

බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 40ක් ආනයනයට අවසර

colombotoday

දංඹ්විට රබර් අත් මේස් කර්මාන්ත ශාලාව ගින්නෙන් විනාසයි

Admin