Colombo Today Local News

සන්ධානය යහපාලන දීගෙ කටුගායි-අලුත් අගමැති පත් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි

පවතින යහපාලන රජයෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා නිදහස් සන්ධානය තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.

ඒ අනුව නව අගමැතිවරයෙකු පත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා බැලීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ඔහු සඳහන් කළේය.

අද පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජ්‍යේෂ්ඨයින් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවුණි.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රමාත්‍ය ධූරයෙන් ඉවත් කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිදුකර ඇති යෝජනාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බවට ජනාධිපතිවරයාට දැනුම්දීම මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබුණි.

ඒ අනුව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රමාත්‍ය ධූරයෙන් ඉවත් නොවන්නේ නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අග්‍රමාත්‍යවරයෙකු පත් කිරීමේ යෝජනාව ද මෙහිදී ජනාධිපතිවරයාට ඉදිරිපත් කර තිබේ.

අද පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ නිමල් සිරිපාල ද සිල්වා මහතා ඒ සඳහා යෝජනා කිරීමට බලාපොරොත්තු වන බවයි.

අගමැතිධූරයේ වෙනසක් මේ මොහොතේ කිසිසේත් අවශ්‍ය නොවන බවට මීට පැය කිහිපයකට ඉහතදී ජනපති,අගමැති, කතානායක අතර සිදුවූ සාකච්චාවේදී එකඟ වී තිබූ අතර ඒ අනුව තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස කටයුතු කරනු ඇති බවට මාධ්‍ය වාර්තා පල විය.

Related posts

මහේන්ද්‍රන් මෙරට පුරවැසියෙක් නොවන බැවින් සාක්ෂී දීමට බලකළ නොහැකියි – කොමිසමට දන්වයි

colombotoday

කොළඹ නගරයට විදුලි බස් රථ

colombotoday

ඩයස්පෝරා කාර්යාලයක් ලංකාවට

colombotoday

පල්ලියෙන් නෑ කිවුවට “කොරොනා ආසාදිතයෙක් රතු පල්ලියේ දේව මෙහෙයට සහභාගී වෙලා” – ආරක්ෂක ලේකම් තහවුරු කරයි

colombotoday

නව ව්‍යවස්ථාව ගැන ඒකාබද්ධ විපක්ෂය මිරිහානේදී තීන්දුවක් ගනී !

colombotoday

දෙහිවල රතිබිම්බාරාම පාර, ඇළඉවුර ප්‍රදේශය හුදකලා කෙරේ

colombotoday