Colombo Today Local News

වෙසක් පෝදා මහියංගනේ බෞද්ධ කොඩි ගිනි තැබූ මුස්ලිම් තරුණයන් 8ක් අත්අඩංගුවට

වෙසක් පෝය දින රාත්‍රියේ මහියංගන දඹගොල්ල ගම්මානයේ බෞද්ධ කොඩි හා වෙසක් කූඩුවටල ගිනිතැබීමේ සිද්ධියක් සම්බන්දයෙන් දඹගොල්ල ශ්‍රි සුමණාරාමයේ විහාරාධිපති හදගනාවේ විමලඥාණ හිමියන්ගේ පැමිනිල්ලකට අනුව පගරගම්මාන මුස්ලිම් ගම්මානයේ මුස්ලිම් තරුණයන් 08ක් සැකපිට ඊයේ (22) දහවල් අත් අඩංගුවට ගත් බ මහියංන පොලිසිය පවසනවා.

22 දින දඹගොල්ල ගම්මානයේ තරුණයන් විසින් සංවිධානය කර තිබු සරවරාත්‍රික පිරිත් ධර්ම දේශනය වෙනුවෙන් වෙසක් පොහොය දින (21) රාත්‍රියේ පිරිත් කොටුවක් සාදමින් සිටි තරුණයන් පිරිසක් බුලත් ගෙන ඒමට කඩමන්ඩියට ගිය විට පගර ගම්මන ගම්මානයේ සිටි පැටිනා වර්ගයේ යතුරුපැදි දෙකකින් පැමිනි තරුණයන් 08 දෙනෙකු තමන් සමග කතා කර පිටව ගිය බවත් පසුව ඔහුන් ගමන් ගත් මාර්ගයේ බෞද්ධ කොඩි හා වෙසක් කූඩු පුච්චා දමා තිබු බව දඹගොල්ල ගම්මානයේ තරුණයන් පවසනවා. පසුව ඒ බව තරුණ සමිතියේ සභාපතිතුමන් දැනුවත් කර රාත්‍රි 01.00 පමණ දඹගොල්ල ශ්‍රි සුමණාරාමයේ විහාරාධිපති හදගනාවේ විමලඥාණ හිමියන් දැනුවත් කිරිමෙන් අනතුරුව ඊයේ (22) උදැසන හිමියන් විසින් මහියංගන පොලිසියේ පැමිනිල්ලක් දැමු බව තරුණයන් ප්‍රකාශ කර සිටි.

අත් අඩංගුවට ගත් මුස්ලිම් තරුණයන් 08 දෙනා මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ. මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා ඇතුලු පොලිස් නිළධාරින් පරික්ෂණ පවත්වති.

Related posts

මාධ්‍යවේදියකුට පහර දුන්නැයි මංජුල පෙරේරා අත්අඩංගුවට

colombotoday

මහ ඇමතිවරු තිදෙනෙක් ආණ්ඩුවේ වාහන 132ක් ගල් කරති !

colombotoday

මහා සංඝරත්නයේ ගැටළුවලට කම්කරු දිනය දා විසදුම් ලැබෙන බව ජනපති කියයි

colombotoday

UPDATE: සිංහල රාවයේ, රාවණ බලයේ නායක හිමිවරු යළි සිපිරිගෙට!

colombotoday

කෝවිලකට අයත් ඉඩමකින් ජීව ගුවන් බෝම්බයක් මතු වෙයි

colombotoday

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday