Colombo Today Local News

නිරෝධායනයට පිරිසක් රැගත් බසයක් අනතුරකට ලක්වෙයි

ලෙබනනයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගත් සුඛෝපභෝගී බස් රථයක් අද (27) උදෑසන කිලිනොච්චිය විඩත්තපලෙයි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යන අතරේ අනතුරට ලක් වීම හේතුවෙන් බස් රථයේ ගමන්ගත් 17 දෙනෙකු තුවාල ලබා ඇති බවට පලෙයි පොලීසිය පවසයි.

ලෙබනනයේ සිට පැමිණි ශ්‍රීලාංකිකයින් 256 ක් නිරෝධායනය කිරීම සඳහා බස් රථ කිහිපයකින් අද (27)දින උදෑසන විඩත්තපලෙයි යුදහමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙතට රැගෙන යමින් සිටියදී එක් බස් රථයක් මෙලෙස අනතුරට ලක් වී ඇති බවට පොලීසිය පවසයි.

අනතුරට ලක් වූ බස් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට පරීක්ෂණ වලදී හෙලි වී ඇති අතර, නින්දයාම හේතුවෙන් බස්රථය මාර්ගයෙන් ඉවතට පැන අසලින් ඉදිකොට තිබූ විශාල ජලනලයක වැදී නැවතී තිබේ.

බස් රථය තුල සිටි 17 දෙනෙකු තුවාල ලබා පලෙයි රෝහලට ඇතුලත් කොට ඇති අතරම ඉන් බස් රථයේ රියදුරු ඇතුලු කාන්තාවන් දෙදෙනෙකු බරපතල තත්වයෙන් යාපනය ශික්ෂන රෝහලට ඇතුලත් කළ බවද පොලීසිය පැවසීය.

අනතුර හේතුවෙන් බස් රථයටද දැඩි හානි සිදුව ඇති අතර ජලනල පද්ධතියටද හානි සිදුව ඇති බවට පරීක්ෂණ සිදු කරන පලෙයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

පෞද්ගලික බස් රථ වලට ලංගමට අයත් ඩිපෝ වලින් ඉන්ධන

colombotoday

ගෝඨා අද උසාවියට… රිමාන්ඩ් කිරීමේ සූදානමක් ??

colombotoday

ජනපති හා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

Admin

විදුලි බිලටත් රීලෝඩ් ක්‍රමයක් හදන්න – ගාමිණී ලොකුගේ කියයි

Admin

සුදු නෙළුම අරන් තවලමේ ගිය ප්‍රබල ඇමති, චාවාකච්චේරි කොටියා එළියට දාන්න බරටම වැඩ

colombotoday

ඥාණසාර හිමියන් අදත් අභියාචනාධිකරණයට !

colombotoday