Colombo Today Local News

දියතලාව බස් බෝම්බයට සැක සැරයන් මේජර් සුව අතට…

දියතලාව කහගොල්ල ප‍්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් තුළ අත්බෝම්බයක් පිපිරීමේ සිද්ධියෙන් අත්බෝම්බය රැගෙන ආ බව කියන යුද හමුදා සැරයන් මේජර්ගේ තත්ත්වය සාමාන්‍ය අතට පත්වෙමින් සිටින බවට පොලිස් ආරංචි මාර්ග කියයි.

තවත් දින කිහිපයකින් ඔහු සාමාන්‍ය වාට්ටුවකට මාරුකිරීමට නියමිත බවත් සාමාන්‍ය වාට්ටුවකට මාරු කිරීමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් ප‍්‍රකාශ සටහන් කරගන්නා බවද පොලිස් ආරංචි මාර්ග කියයි.

මෙම සැරයන් මේජර් දැනට දැඩි සක්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් පසුවේ.

මෙම අත් බෝම්බය කිසියම් ස්ථානය වළදා තිබු ඉතා පැරණි එකක් බවත් එය බිම වැටුණ සැනින් ආරක්ෂික පිං එක ගැලවී පුපුරා ගියේ ඒ හේතුවෙන් බවට පොලිසිය කියයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන පරීක්ෂණ වලට අමතරව යුද හමුදාව පංච පුද්ගල පරීක්ෂණ මණ්ඩලයක් පත්කර ඇත.

ඉකුත් 14 දින අලුයම සිදු වු මෙම සිද්ධියෙන් හමුදා සාමාජිකයින් 7 දෙනෙකු , ගුවන් හමුදා සාමාජිකයින් 5 දෙනෙක් ඇතුළු 19 දෙනෙකු ද තුවාල ලැබුහ.

බණ්ඩාරවෙල කොට්ඨාසය බාර පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත මෙම පරීක්ෂණ පැවත්වේ.

Related posts

කොමදෝරු ඩී.කේ.පී දසනායක රිමාන්ඩ් කරයි !

colombotoday

බෞද්ධ විහාරස්ථාන උතුරෙන් ඉවත් කරන්න කාටවත් බෑ – ඇමති ස්වාමිනාදන්

colombotoday

අද මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයි

colombotoday

දුම්රිය දෙපාර්තමේන්තුවට නව සාමාන්‍යාධිකාරීවරයෙක්

colombotoday

තේ පොහොර මිලට සහනයක්

Admin

ගම්මන්පිලගේ නඩුවේ සාක්ෂි බිදවැටේ.. බොරු කියූ බව ඕස්ට්‍රේලියානු සාක්ෂිකරු පිළිගනී

colombotoday