Colombo Today Local News

අකුණු සැර වැදී මැදවච්චියේ ගොවියෙකු මරුට

මැදවච්චිය කිරි ගල්වැව ප්‍රදේශයේ කුඹුරක වැඩ කරමින් සිටී ගොවි මහතෙකු අකුණු සැර වැදීමෙන් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ මැදවච්චිය,අංක 72 කිරිගල්වැව තුලානේ, අමුනේවත්ත ලිපිනයේ පදිංචි අප්පුහාමිගේ ජයසුන්දර නැමැති 69 හැවිරිදි අයෙකි.

මැදවච්චිය ප්‍රදේශයට ලැබුණු ධාරාණිපාත වර්ෂාවෙන් පතිත වූ අකුණු සැරක් මෙම ගෙවි මහතා වැඩ කරමින් සිටි ආසන්නයට වැදීමෙන් ගොවිමහතා කුඹුරේම ඇදවැටී ඇත.

ඔහු නිවසට පැමිණීමේ ප්‍රමාදය හේතුවෙන් නිවසේ සිටි ගොවි මහතාගේ පුතා සහ දියණිය මෙම ගොවි මහතා පිළිබඳ සොයා බැලීමට කුඹුරට ගිය අවස්ථාවේ ඔහු බිම වැටී සිටිනු දැක මැදවච්චිය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, රෝහල වෙත රැගෙන එන විටත් ඔහු මියගොස් සිට ඇතැයි වෛද්‍යවරු සඳහන් කර ඇත.

Related posts

පාර්ලිමේන්තුව තිබෙන්නේ රඟපාන්න නොවේ – ජනපති කියයි

Admin

මැණික් තොගයක් සමඟ පුද්ගලයෙක් වටලයි

colombotoday

කොල්ලුපිටිය OIC ඇතුළු පොලිස් නිලධාරීන් 30ක් නිරෝධායනයට

colombotoday

කඳානේ නිවසක් තුළ ඝාතනය කල පුද්ගලයෙකුගේ මළසිරුරක්

Admin

ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වෙයි

colombotoday

මරණ දඩුවම ලබා සිටින රැදවියන්ගේ වර්ජනය අවසන්

colombotoday