Colombo Today Local News

පහරදීමකින් සිංහල තරුණයෙකු මිය යෑමත් සමග තෙල්දෙණිය නොසන්සුන්.. පොලිස් කැරළි මර්ධනය කැදවයි

මුස්ලිම් ජාතික පිරිසකගේ පහරදීම නිසා සිංහල තරුණයෙකු මිය යෑමත් සමග තෙල්දෙණිය ප්‍රදේශයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබෙන අතර, කුපිත වූ පිරිස් විසින් ව්‍යාපාරික ස්ථාන කිහිපයකටද ගිනිතබා තිබෙන බවට වාර්තා වනවා.

මෙසේ මියගොස් ඇත්තේ තෙල්දෙණිය උඩුදුම්බර පදිංචි ඒ.පී. කුමාරසිරි නමැති දෙදරු පියෙක් වන අතර පහරදීමෙන් පසු දැඩි කැපුම් තුවාල සහිතව මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු 3වැනිදා අළුයම මියගොස් තිබුණා.

තත්ත්වය පාලනය කිරීම සදහා පොලිස් ආරක්ෂාව දැඩිකර තිබෙන අතර කැරළි මර්ධන ඒකකයද කැදවා ඇති බවයි පැවසෙන්නේ.

දින කිහිපයකට පෙර තෙල්දෙණිය ප්‍රදේශයේදී මුස්ලිම් ජාතික පිරිසක් ගමන්ගත් ත්‍රීරෝද රථයකට ඉදිරිපසින් ගිය, මියගිය තරුණයා පැදවූ ලොරි රථය මාර්ගයේ ඉඩ නොදීමේ සිද්ධියක් මත ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇත.

තෙල්දෙණියේ ඉන්ධන පිරවුම්හලකට අයත් අදාළ ලොරි රථය රාත්‍රියේ එහි නවතා රියදුරු ඒ තුළ නිදාගෙන සිටියදී නැවත පැමිණි මුස්ලිම් ජාතික පිරිස ඔහුට පහර දී කපා කොට දමා ඇත. එම අවස්ථාවේදී ඉන්ධන පිරවුම්හලේ සිංහල සේවකයන් බලා සිටියදීම මෙම පරදිම සිදුකර ඇතැයි වාර්තාවේ.

අදාළ සිදුවීමේ සීසීටීවී දර්ශන පොලිසිය භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. වෙළදසැල්වලට පහරදීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් දස දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වනවා.

Related posts

කතරගම මහා දේවාලයට ඉබියතුරු දමයි.. ඉතිහාසයේ මුල්වරට අළුයම දේව පූජාවත් අත්හිටුවයි

colombotoday

ඩොලර්වලට යටවෙච්චි අයට බැරිද ඕන දෙයක් කියන්න.. ශිරන්ති නෙවෙයි ඊළගට ගන්නෙ මම – මහින්ද පුරවැසි බලයට පිළිතුරු දෙයි

colombotoday

දෙදෙනෙකුට ඇණ ගැසූ කට්ටඩියා කූඩුවට

colombotoday

නියමිත දිනට ව්‍යාපෘති අවසන් නොකරන කොන්ත‍්‍රාත් සමාගම්වලට ගෙවීම් නෑ

colombotoday

අර්බුදය හමුවේ සීසර්ලාත් වැඩට බහී

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට ලංවිම ඉංජිනේරුවන් වැඩ වර්ජනයේ

colombotoday