Colombo Today Local News

ඒකාබද්ධ විපක්ෂය ගැන කතා කරන්න ජනපති – අගමැති විශේෂ හමුවක්

ranil mithre 25

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් සඳුදා හෝ අඟහරුවාදා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙනම කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීමට තිබෙන හැකියාව ඇතුළු තවත් විශේෂ දේශපාලන කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව දැනගන්නට ඇත.

පාර්ලිමේන්තුවේ ස්වාධීනව වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කළ යුතු බව පවසමින් ඒකාබද්ධ විපක්ෂය පසුගිය පාර්ලිමේන්තු සතියේදී සිදුකිරීමට සැලැසුම් කරන ලද අඛණ්ඩ විරෝධතාව තාවකාලිකව නතර කළේ මෙම ගැටලුව සාකච්ඡා කර විසඳුමක් ලබාදෙන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට පොරොන්දු වුණු නිසාය. ජනාධිපති සමඟ සාකච්ඡා කර මීළඟ පාර්ලිමේන්තු සතියේදී එය දැනුම් දෙන බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුව ලබන 23 වැනිදා රැස්වීමට නියමිතය.

Related posts

පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළට

Admin

නැනෝ නයිට්‍රිජන් දියර පොහොර අද දිවයිනට

colombotoday

ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලේකම් ගංජා ඉල්ලයි.

colombotoday

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය.

colombotoday

අද සහ හෙට සියලු දුම්රිය ධාවනයන් අවලංගුයි

colombotoday

“කැබිනට් මණ්ඩලය ෆේල්”

colombotoday