Colombo Today Local News

ජිනීවා සමුළුව ලං වෙද්දී අන්තවාදීන් ජාතිවාදය අවුස්සනවා.. හැමදාම ඔහොමයි – ජනපති කියයි

සෑම වසරකම මාර්තු සහ සැප්තැම්බර් මාසවලදී ජාතීන් අතර අසමගිකම ඇතිවෙන ආකාරයේ සිදුවීම් ශ්‍රී ලංකාව තුළ සැලසුම් සහගතව වන බවත් ඒ සඳහා ආසන්නම සිදුවීම ඉකුත්දා අම්පාරේදී වූ බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

නැගෙනහිර පළාත් උපාධි ගුරු පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පැවැසීය.

ජිනීවා මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා පවත්වන්නේ සෑම වසරකම මාර්තු සහ සැප්තැම්බර් මාසවලදී බවත් එම දිනවකවානු තුළදීම අන්තවාදීන් විසින් නොයෙකුත් ක්‍රියා රටතුළ කරන බවත් ජනාධිපතිවරයා පැවැසීය. මේ නිසා විනාශ වන්නේ අපේ රට බවද ජනාධිපතිවරයා පැවැසීය.

ජාතික සමගිය විනාශ කිරීමට කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව ජාතිය, කුලය, ආගම නොසලකා දඬුවම් දිය යුතුයි. එසේ නොවුණහොත් මේ රටේ ජාතීන් අතර අසමගිය ඇතිවෙලා නැවත මේ රටේ ගැටුම් ඇතිවිය හැකි බවද ජනාධිපතිවරයා පැවැසීය. මේ අතර දිවයිනේ සියලු රැකියා විරහිත උපාධිධාරීන් සඳහා ඉදිරි මාස දෙක ඇතුළත සම්මුඛ පරීක්ෂණවලට කැඳවා මාස 6ක් ඇතුළත ඔවුන්ට පත්වීම් ලබාදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී පැවැසීය.

Related posts

ජාතික ආදායමෙන් 99%ක්ම ණය ගෙවන්න වෙන්වෙලා.. පුස්සො ලං වෙලා, ආණ්ඩුව දැන් හිර වෙලා !

colombotoday

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල්වලින් මැතිවරණ අල්ලස් දීමේ සූදානමක් – සජිත්ට චෝදනා

colombotoday

“පුද්ගලික උත්සවවලට ආරාධනා කරන්න එපා.” ජනපතිගෙන් ඉල්ලීමක්

colombotoday

පොලිස් නිලධාරියෙකුට තග දමූ බස් රියදුරු අත්අඩංගුවට

Admin

සගවාගෙන සිටි ගෑස් සිලින්ඩර් තොගයක් වටලයි

colombotoday

රට බෙදන උතුරේ යෝජනාවට එරෙහිව දකුණෙන් යෝජනාවක්

colombotoday