Colombo Today Local NewsTop Stories

රට භයානක අනතුරක් ඉදිරියේ.. කරුණාකර නවතින්න ! මාධ්‍යට වාරණය කළ ඥාණසාර හිමිගේ ප්‍රකාශය (Video)

රට භයානක අනතුරකට පත්ව ඇති මෙවන් අවස්ථාවක ජාතින් අතර ගැටුම් ඇතිවීම සිදු නොවිය යුතු බවත්, එබැවින් ඒ සදහා සම්බන්ධ වී සිටින සියළු දෙනා වහාම එම ක්‍රියාවලින් ඉවත් විය යුතු බවත් බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අවධාරණය කරයි.

තෙල්දෙණිය හා දිගන ප්‍රදේශවල ඇතිව තිබෙන කළබලකාරී තත්ත්වය පිළිබදව ඊයේ 06 පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී එහිමියන් මෙම අදහල් පලකළේය.

‘සංහිදියාව‘ නමින් රජය ගෙනයන වැඩපිළිවෙලද දැඩිව විවේචනය කළ එහිමියන්, ඇතිව තිබෙන ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අගමැතිවරයා හා පොලිසිය සෘජුව වගකිවයුතු බවද කියා සිටියේය.

මේ මාධ්‍ය හමුව තියන්නෙ. රටේ නොයෙකුත් තැන්වල දුම් ගොටු නැගෙන අවස්ථාවක.විශේෂයෙන් අපි මතක් කරන්න ඕනි,ඊයෙත් පෙරේදත් මේ දින ගනණාව ඇතුලෙ ඉතාම භයානක තත්වයක් මේ රට තුල නිර්මාණය වෙලා තියෙනව.දැන් මේ මොහොත වෙද්දිත් මහනුවර තෙල්දෙණිය ආදී තදාසන්න ප්‍රදේශවල පොලිස් ඇඳිරි නීතිය පනවල තියෙනව.ඒ වගේම රටේ විවිධ ස්ථානවල සිංහලයො එක තැනක රැස්වෙනව.මුස්ලිම් කණඩායම් තව තැනක රැස් වෙනව,මොකද්දෝ නොවිය යුතු තැනකට නොයෙක් බලවේග එකතුවෙමින් තියෙනව.

අපි අද ගතකරන්නේ.ඉතාම සංකීර්ණ වගේම කණගාටු දායක ලෙස සිදුවීම් සිදුවන අවස්ථාවක් තමයි ගතවෙමින් තියෙන්නෙ… දවසින් දවස රට ඇතුලෙ විවිධ සංසිද්ධීන් මුල්කරගෙන ප්‍රචන්ඩකාරී හැසිරීම් බොහෝමයක් දැකගන්න ලැබෙනව.

ඊයෙ දවසෙදි මහනුවර දිස්ත්‍රික් එකේ ඇතු උන සිද්ධීන් අපි කිසි ලෙසකවත් අනුමත කරන්නෙ නෑ. මේ සිදුවීම් වලින් වේදනාවට පීඩාවට පත්වෙච්ච ඒ වගේම බයෙන් තැතිගත්තු සිංහල මුස්ලිම් කියල බේදයක් නැතුව මේ සියලු මිනිස්සුන්ට අපි කණගාටුව ප්‍රකාශ කරන්න ඕනි, මොකද හේතුව ආවේගශිලීව හා ප්‍රචන්ඩත්වයෙන් කලහකාරි බවෙන් ප්‍රශ්නවලට උත්තරයක් හොයන්න බැරි නිසා.

හරියටම ගිය මාසෙ 22 කුමාරසිංහ නැමැති තරුණයෙකු තමන් පදවාගෙන යන ලොරි රථය තුලදි ඉතා අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වෙනව. ඔහු රියැදුරෙකු විදියට සේවය කරනව. ඔහුගෙ අම්ම අංශභාග රෝගියෙක්, තාත්ත දියවැඩියාව නිසා කකුලක් ඇයින් කරල, කුමාර සිංහට දරුවො දෙන්නෙක් ඉන්නව,ඔහුගේ බාල දරුව මන්දමානසික දරුවෙක්.

එහෙම තියෙද්දිත් මේ කුමාරසිංහට හැකි වෙනව ඒ පලාතේ ජනතාවගේ ආදරණීය චරිතයක් වෙන්න. ඔහු පන්සල එක්ක සමීපයි, මුස්ලිම් මිනිස්සුන්ටත් උදවු කරනව, සිංහල මිනිස්සුන්ටත් උදවු කරනව රියදුරු වෘත්තීය කරගෙන ජීවිතේ ගැටගහගෙන ගිය මනුස්සයෙක්…ඔහු ලොරිය පාරෙ එලවගෙන එනව පසුපසින් ආපු ත්‍රීවීලර් රථයක් දිගින් දිගටම හෝන් ගහනව වාහනේ ඉදියට ගන්න. අපි දන්නව සාමාන්‍යෙන් ලොරි රථයක් එහෙම ඉස්සර කරන්න අමාරුයි. ඒ වගේම ලොරි රථ රියැදුරෙන් ඉඩ දෙන්නෙ ඔහු ආරක්ෂිත නම් පමනයි… අවාසනාවකට මේ ත්‍රී රෝද රථය ඉඩ නොදුන් නිසා ත්‍රීවීලර් රථයෙ සිටි පිරිස ලොරි රථය හබාගෙන යනව. ලොරිය නතර කරන්නෙ සිංහ පිරවුම් හලේ. ලොරිය නතරකරපු ගමන් පසු පස ත්‍රීවිලර් එකේ ආපු තරුණයො හතර දෙනාම ඒ පිරවුම් හලේ මුරකරුගෙ පුටුව අරගෙන ඇයි ඉස්සර කරන්න ඉඩ නොදුන්නෙ කියල පුටුව කැඩෙනකම් ලොරියෙ රියැදුරාගෙ ඔලුවට පහර දෙනව. බෝතල් වලින් ගහනව. පැය එකහමාරකට වඩා වෙලාවක් කුමාරසිංහ ලොරිය ලඟ වැටිල ඉන්නව. සිහිය තිබ්බට කවුරුත් ඉදිරිපත් උනේ නෑ බයට. ඒ තරම්ම පැමිණි හතර දෙනා හෝ හය දෙනා ප්‍රචන්ඩකාරීම හැසිරුනා. දවස් නවයක් රෝහල් ගතවෙලා ඉඳල අවාසනාවන්ත ලෙස ඔහු මිය යනව.

මේ සිද්ධීන් ඕනැම ජන කණ්ඩායමක් තුල සිද්ධ වෙන්න පුලුවන්. මිනිස්සු ගහගන්නව,මරාගන්නව,බැනගන්නව. බුදු හාමුදුරුවෝ පවා මේ ගැන පවසල තියෙනව. “කුද්දෝ අත්තං නජානාති,කුද්දෝ ධම්මං න පස්සතී….- මිනිස්සු කිපුනට පස්සෙ ඒ තරහව පාලනය කරගන්න බැරි උනොත් අරථයක් ධර්මයක් මුකුත් දකින්නෙ නෑ. මිනිස්සු මිනිස්සුන්ව මරන්නෙ. එකට බොන ගමන් මරන්නෙ. දැන් මෙතන සිද්ධිය වෙනස් ප්‍රශ්නයක් .මුස්ලිම් තරුණයන් පිරිසක් විසින් සිංහලයන්ට පහර දීල. එහෙම දෙයක් උනහම ඒකෙ හැඩේ විතරයි බලන්නෙ. මේ අවිද්‍යාත්මක දේශපාලනය ඇතුලෙ පුරුදු කරල තියෙන්නෙ එහෙමයි. මුස්ලිම් එකත් මනුස්සයෙක් සිංහල එකත් මනුස්සයෙක් හැටියට නෙමෙයි බලන්නෙ. මූ මුස්ලිම් මූ සිංහල මේක කොහොමද වවාගෙන කන්නෙ ,මේකෙ කොහොමද දේශපාලන වාසියක් ගන්නෙ එතනට වැටිල.

අපි පලමුවෙන්ම චෝදනා කරනව මේ ඊයෙ ඇති වෙච්ච අද ඇතිවන සිද්ධි වලට සම්පුර්ණයෙන්ම මේ රටේ අගමැතිවරය සහ පොලීසිය වගකිව යුතුයි, හේතුව පොලීසිය මේ වෙද්දි මරණයට පත්වෙච්ච කුමාරසිංහ මහත්තයට පහරදීපු මුස්ලිම් තරුණයො අත්තඩංගුවට අරගෙන ඉන්නෙ. හැබැයි, අපි දන්නව අන්තර්ජාලායෙ හැමතැනම මේ මාධ්‍ය වලට බනිනව. මාධ්‍යවලට බැනල වැඩක් නෑ, එක්කො පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශයක් නිකුත් කරන්න ඕනි මේක පලකරන්න කියල. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශයක් කෙරුවානම්, තෙල්දෙණිය සිධියෙදි මෙහෙ සිද්ධියක් වෙලා තියෙනව. පුද්ගලයෙකුට පහරදීල තියෙනව, රෝහල් ගතකලා, දිනගනනක් ඇවෑමෙන් ඔහු මරණයට පත් උනා, ඒ පහර දීපු කණඩායම පොලිස් අත්තඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරා කියන පණිවිඩය රටට දුන්නානම් මේ තරුණ කොටස් අතර ආවේග මතුවෙන්නෙ නෑ.

ඒ ප්‍රදේශවලම උනත් ඉන්න මිනිස්සු කතාකලේ, මමත් ඒ මලගෙදර ගියා. රාත්‍රියේ. ඒ පන්සලේ හාමුදුරුවෝ අපට කීව ඤාණසාර හාමුදුරුවනේ මේ ප්‍රශ්නෙ අපි හොඳින් විසඳගෙන තියෙන්නෙ, පොලීසිය නීතිය ක්‍රියාත්මක කරල තියෙනව, ගහපු අය අත්තඩංගුවට අරගෙන තියෙනව, දැන් අපේ වගකීම වෙලා තියෙන්නෙ කාටවත් ගහල බැනල ගෙවල් ගිණිතියල කරන එක නෙමෙයි. ඒක මෝඩකමක්, පන්සලේ හාමුදුරුවෝ හැටියට මම මහන්සි වෙන්නෙ, අම්ම අංශබාග රෝගියෙක්,තාත්තගෙ කකුල කපල එයා දියවැඩියාව රෝගියෙක්, මන්දමානසික ලමයෙක් ඉන්නව අට වසරෙ ඉගෙන ගන්න දුවෙක් ඉන්නව. මේ පිරිමියා නැති බවෙන් වැන්ඳබු වෙච්ච කාන්තව ඇතුලු පිරිස ආරක්ෂා කරගන්නෙ කොහොමද, ඒ අය අනාගතයට මුහුණ දෙන්නෙ කොහොමද ? මේ මිනිස්සු කෑ ගහල දවස් දෙක තුනකින් යාවි යන්න. ඕක තමයි හාමුදුරුවන්ගෙ මතය.

අපි කීව හාමුදුරුවනේ ඒක තමයි ඇත්ත. ඒක තමයි වියයුත්තෙ. දැන් වෙච්ච සිදුවීම උනා මෙවැනි දේවල් නොවෙන තැනට අපි වගබලාගතයුතුයි. ඒ වෙනුවෙන් අපි සාකච්ඡාවක් කරමු කිසිම කෙනෙක් කලබලයක් ඇතිකරගන්න එපා කලබල ඇති කරගන්න හැම වෙලාවකම මේ රට වැටෙනව, ඒක අපිට අවාසී අපිට අත්දැකීම් තියෙනව බොහොමයක් මොකද මේ කතාකරන බොහෝ දේවල් දේශපාලකයො මතුපිටින් කතාකරාට ඒ අය හිතනව රටේ මේ ප්‍රශ්න ඇති උනානම් කියල.

කෙසේ හෝ වේවා මේ පොලීසිය තමන්ගෙන් ඒක හෙලිදරව් නොකිරීම විශාල අත්වැරැද්දක්. රටට මෙක කීවනම් කෙනෙක් මැරුණ පොලීසිය නීතිය ක්‍රියාත්මක කරල තියෙනව. නමුත් මේක රටට ගියෙ නෑ. කිසිම මාධ්‍යකට දුන්නෙ නෑ.

දැන්, ඊයෙ කුමාරසිංහ මහත්මයගෙ භූමදාන කටයුතු සිද්ධ උනා දහස් ගානක් ජනතාව එක් රැස් උනා මිනිස්සු ආවේගයට පත්වෙනව. අනිත් එක හැමෝගෙම හිතදිනා ගත්තු තරුණයෙක් හාමුදුරුවෝ ආදරෙයි, මිනිස්සු ආදරෙයි. අද මේ මනුස්සයෙක්ට අසාධරණයක් උනහම මිනිස්සු කලබල වෙන එක ස්ව්භාවය. අපිට පුදුම හිතුන. එක දිගට බැලුවොත් 30km විතර එක දිගට සුදු කොඩි දාල මිනිස්සු ස්වෙච්ඡාවෙන්… තමන්ගෙ ශෝකය පලකරල තිබ්බෙ එහෙමයි…

දැන් තියෙන ගැටලුව තමයි මේ සිද්ධිය පදනම් කරගෙන රටේ කල කෝලාහල පටන් අරගෙන තියෙනව. කඩවල් වලටගහල. මිනිස්සුන්ට ගහල මේක කලයුත්තක් නෙමෙයි. ඒ නිසා කරුණාකරල අපි කියනව මේ රටේ මුස්ලිම් මිනිස්සුන්ටත්, දඟලන නගරම්පාන චන්ඩිකම්පාන සියලුම පාර්ශව වලට කරුණාකරල නවතින්න. මොකද හේතුව මේ රට තියෙන්නෙ ඉතාම භයානක තැනක. එහෙන් ආණ්ඩුව ගෙනියන්නෙ කොහොමද කියා කියා දඟලනව සාකච්ඡා විතරයි. රටඑක තැන හිරවෙලා. උගුරෙ කට්ටක් හිර උනා වගේ. උඩට ගන්නත් බෑ පහලට ගන්නත් බෑ. තීන්දු ගන්න කෙනෙක් නෑ අයාලේ යනව, එතකොට එවැනි තත්වයක් ඇතුලෙ අපි දන්නෙ නෑ මේ බලවේග ක්‍රියාත්මක වෙන්නෙ කොහෙන්ද කියල. එක පැත්තකින් ඇමරිකානු තානපති කාර්‍යාලය. බටහිර යුරෝපෙ තානාපති කාර්‍යාලවල.. චන්ද්‍රිකා නෝනට, මනෝගනේශන්ට විශාල සල්ලි ප්‍රමාණයක් පොම්ප කරල තියෙනව සංහිඳියාව හදන්න.. දැන් මේ අවුරුදු තුන ඇතුලෙ සංහිඳියාව හදන්න පුලුවන් වෙලා තියෙනවද ? සංහිඳියාව නාමයෙන් නාලිකා ඇරිය කියක චිත්‍රපට පෙන්නුව කියල සංහිඳියාව නාමයෙන් හෝටල්වල ඇඳල පැලඳල මීටින් තිබ්බ කියල සංහිඳියාව හදන්න බෑ.. ඒ නිසා ඒ තානාපති කාර්‍යාල වලටත් චන්ඳ්‍රිකා නෝනටත් මනෝ ගනේශන්ටත්.. මේ සංහිඳියාව ගැන පම්පෝරි ගහන ලොකු උන්නැහෙලටත් සංහිඳියාව හදන හැටි අපි උගන්නන්නම්… මේ රටේ උලමලටත් අපි කියල දෙන්නම් සංහිඳියාව හදන හැටි… සංහිඳියාව හදන්නෙ කොහොමද කියක අපි ගිංතොට දි පෙන්නුව. රට තුල ඇති වෙච්චි යම් සිද්ධීන් වලදි අපේ භාවිතාවන් ඇතුලෙ අපි ඔප්පු කරල පෙන්නුව සංහිඳියාව හදන්නෙ කොහොමද කියල.. සාකච්ඡාව විතරයි.. අපරාදෙ ඒ සල්ලි වලින් බතල කොටුවක් හැදුනවනම් දුප්පත් මිනිස්සුන්ට කන්න දෙන්න තිබ්බ. අර අංගොඩ රෝලහේ බෙහෙත් සැරට දුක් විඳින මිනිස්සුන්ට තැඹිලි ටිකක් ගෙනිහින් දෙන්න තිබ්බ.. මුං මේ සංහිඳියාව හදන්න වියදම් කරන සල්ලි වලින්.. ඒ නිස මේ බොරු සංහිඳියා බෝඩ් ලෑලි අතරෙ සිංහලයොත් ගහගන්නව මුස්ලිම් මිනිස්ස්ත් ගහගන්නව. කවද්ද මේක නතරවෙන්නෙ.

ඒ නිසා අපි මේ රට කරවන උදවියත් රට කරන උදවියටත් ඒවෑ ඉන්න උපදේශක මන්ඩලයටත් සිහල මුස්ලිම් කියල බේදයක් නෑ සියලු දේශපාලන නායකයන්ට කියනව කරුණාකරල මේ ඇතිවෙන සිද්දිගැන දැකල කිඹුල් කඳුලු හෙලල කාටවත් තේරෙන්නෙ නැති විදග්ද වචන කියල මේ ප්‍රශ්නය මගහරින්න එපා. කරුණාකරල එක මේසෙකට එන්න, කාලයක් බොදු බල සේනවට මේව බැරකලා, සමහරුන්ට නින්ද යන්නෙ නෑ. මේක ඉවරකරනකම්, අලුත්ගම අවාසනාවන්ත සිද්දියක් ඇති උනා අපි අදත් කියනව ඒ ගැන හොයන්න කියල. අපි කියනව වහාම අපිත් සහයෝගය දෙන්නම්. මේක නිවන්න. සංසුන් වෙන්න බිල්ඩිම් ගිනිතිබ්බ කියල මේක නවතින්නෙ නෑ. ඒවට තට්ටු ගණන් ගහන්න සල්ලි ලැබෙයි.

ඒ නිසා අපි කරුනාකරල තියෙනව.මේ ගැන සාකච්ඡාවක් කරන්න.. කොමිසමක් පත්කරන්න..මේ ප්‍රශ්න අපි සාකච්ඡාවක් තුලින් විසඳගමු…මේ විපත්තිය සම්පත්තියක් කරගෙන අපි ඉදිරියට මෙවැනි දේවල් නොවෙන්න වග බලාගමු.

යූටිබ් එකට ගිහින් බලන්න 2014-12-28 වෙනිදා මම ඇඹිලිපිටියෙදි කථාවක් කියනවා බටහිරටයි යුරෝපයටයි ඕනි නායකයෙක් නැති පාලනයක් මේ රටේ හදන්න කියලා.ඒ කියපු දේ අද ඇත්ත වෙලා නැද්ද ? ඒ බලවේග අද ශක්තිමත් වෙලා නැද්ද? ඒ වගේ අද මේ අත්විදින බොහෝ දේවල් අපි කල්තියා දැක්කා. ඒ නිසා අපි හැමෝම එකතුවිය යුතුයි. මොකද අපි වපුරන විදිහට තමයි අස්වැන්න ලැබෙන්නෙ. මුං වැපුරුවොත් මුං වගේ . මුස්ලිම් මැතිඇමතිවරුන්ගේ නොහික්මුනු හැසිරීම් පහුගිය කාලය පුරාවටම දැක්කා.

මේක සිංහල බෞද්ධ රටක්. පිරිත් දාන්න බෑ උසාවි නියොග ගන්නවා.. බෞද්ධයො කුපිත වෙන්නෙ නැද්ද ? බුදුපිලිමයක් තියන්න බෑ මුස්ලිම් අයගෙ හිත් රිදෙනවා කියලා.. බෞද්ධයන්ගෙ හිත් රිදෙන්නෙ නැද්ද? අරහෙන් පුරාවස්තු වනසනවා බෞද්ධයන්ගේ හිත් රිදෙන්නෙ නැද්ද? නැගෙනහිර පලාතට ඉස්සෙල්ලා ආවෙ මුස්ලිම් අයද? පුරාවස්තු ද? ඇයි ඒ ගැන ඒ අයට නිහතාමානී වෙන්න බැරි? ඒකයි අපි කිව්වෙ උලමලාටත් පල්ලිවල ඉන්න භාරකරයන්ටත් මුස්ලිම් අයටත් අපි කියලා දෙන්නං. අපිට ලොකු සංහිදියා කාර්යාල ඇමරිකන් සල්ලි ඕනි නෑ.. ගහක් යට හරි විහාරමහා එකේ හරි වාඩිවෙලා අපි කියලා දෙන්නං මේ රටේ ඉන්න ඕනි විදිහ.. සිංහලයොත් එක්ක ඉන්න ඕනි විදිහ අපි කියලා දෙන්නං. මේක බෞද්ධ රටක්.. අපිට හොදට ඉවසන්න පුලුවන් ජාතියක්.. ඉවසපු ජාතියක්.. හැබැයි ඕනිවට වඩා මේක උඩින් දගලගෙන ගියොත් අවුල් තමයි.. ඕක තමයි අපි පහුගිය කාලෙම සැැරට කිව්වෙ.. කියලා කියලා බැරිම තැන දැන් ඉතින් අපි හොදටම නිවිලා. මොකද අපි දන්නවා කෑගහලා කිව්වට මේක වැඩක් නෑ.. අහන කෙනෙක් නෑ.. අහන කෙනෙක් නැති හින්දා දැන් බණක් භාවනාවක් කරගෙන අපේ ක්‍රියාමාර්ග වෙනස් කරගෙන යනවා. වෙනදා 100ට ගියා නං දැන් 50ට විතර යනවා. 100ට යනකොට හැප්පෙනවා ඇක්සිඩන්ට් වැඩියිනේ. ඒ දවස්වල අපි රෙඩ්ලයිට් දැක්කෙ නෑ.. කොල වැටෙන්න කලින් දානවා. පොඩි පොඩි අවුල් තියෙනාව ඉතින්. ඒකට අපි දැන් පරිප්පු කනවා.. නඩු 28 ක්. ඉතින් හදිසි වේගය මරු කැදවයි කියලා දැනගෙන අපි දැන් පන්නරය ලබලා.. දැන් 40 පැනලා ප්‍රඥා දශකයේ ඉන්නෙ. ප්‍රශ්න හොදට පේනවා. අපි කැමති නෑ අපෙන් පස්සෙ එන හාමුදුරුවරුවත් අපි වාගේවත් හැසිරෙනවට. අපෙන් යම් වරදක් වුනා නං ඒකත් නිවැරදි කිරීම උදෙසායි අපි දැන් මහන්සි ගන්නෙ. එදත් අපිට ඕනි නෑ සමාජය ගිනිතියන්න.. අපිට ඕනි වුනේ නිවන්න. අපේ වෑයම වුනේ මේ තැන් තැන්වල වැඩෙන පුංචි පුංචි අංකුර ලොකු වෙච්ච දවසට මීට වඩා අපිට පරිප්පු කන්න වෙන බව දැනගෙන ඒවා ලත්තැනම ලොප් කරන්නයි. ඒ වෙනුවෙන් කැපවෙන්න කියලා මේ රටේ නායකයන්ට අපි ආරාධනා කරනවා.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පැරදුනාහම ඔක්කොම පව් ටික බැරවුනේ බැසිල් ට වගේ සංසාරෙ මොන කරුමයක් කලාටද මන්දා බොදු බල සේනාවට තමයි ඒ කාලෙ ඔක්කොම චෝදනා ටික ආවෙ. බොදු බල සේනාව විතරද 2012-2015 වෙනකල් තිබුනෙ? තව කට්ටිය දැගලුවෙ නැද්ද ? තව සංවිධාන තිබුනෙ නැද්ද? හැබැයි මේ ඔක්කොම කුනුගොඩ එකතු කලේ බොදු බල සේනාවට? පැෂන් බැග් එකට ගැහුවෙ වෙන කව්රුවත්? නෝ ලිමිට් එකට ගැහුවෙ වෙන කව්රුවත්.. හැබැයි පත්තරවල හෙඩ්ලයින් යන්නෙ බීබීඑස් ඇටෑක් පැෂන් බග් කියලා. මුස්ලිම් දෙමල ඉංග්‍රීසි පත්තරවල කතුවැකි ලියවුනේ බිබීඑස් ඇටෑක් අගෙන් නොලිමිට් කියලා. ඒෂියන් ටිබියුන් සගරාවේ.. ඔය වගේ තැන්වල කල්ලියක් හිටියා. හැම මාධ්‍යක්ම නොවුනත් ඔය වගේ තැන්වල මාධ්‍ය ත්‍රස්තවාදයක් විසින් අපිව මැරුවා. එකතුවෙන්න තියෙන අවස්ථාව නැතිකලා. අපිට සහයෝගය දුන්නු අතලොස්සක් මාධ්‍ය වලට අපේ ගෞරවය අදත් ඒ විදිහටම හිමියි.
ඕක ඩිලන්තගෙ කොන්ත්‍රාත් එකක්… ඕක නෝර්වේ ගේම් එකක්.. ඩිලන්තට නෝර්වේ ගෙවල් තියෙනවා.. ඤාණසාර බලන්නකො යන වාහන.. හැදුවා බිල්ලො මැව්වා.

මුස්ලිම් අයයි අපියි විතරක් මේ ගැන කථා කරලා බෑ.. ජේවීපී එකත් එන්න ඕනි. ඇයි මොන රෙද්දටත් කට උල්කරගෙන පැනලා නිවේදන නිකුත් කරනවා. කාටවත් නොතේරෙන අටමගල් කථා කරනවා. හැබැයි ඇත්ත ප්‍රශ්න ගැන කතා කරන්නෙ නෑ.. උන්ට ඕනි මේ මුස්ලිම් ඡන්ද ටික කඩාගන්න. ඒකනෙ උන්ට හෙණගැහෙන්නෙ හැමදාම. ඒ නිසා ශ්‍රීලංකා, ජේවීපී, යූඑන්පී නායකයො.. විශෙෂයෙන් මහින්ද මහත්තයා.. මේ ඔක්කොම එකට එකතුවෙලා මුස්ලිම් පාර්ශවයි අපියි කැදවලා ඒ නායකයන්ට තියෙන්නෙ අපි දෙපැත්තෙන් වාද කරගන්නවා අහගෙන ඉන්න විතරයි. අපිකියනවා මෙන්න අපිට තියෙන ප්‍රශ්න කියලා. ප්‍රබුද්ධ ලෙස සාකච්ඡාවක් ලැබුනොත් අපිට තියෙන සාක්ෂි ඉදිරිපත් කරන්න පුලුවන්. මොකටද අපිට තුන්හිතකවත් යටිකූට්ටු වැඩ නෑ.. උඩින් සංහිදියාව පෙන්නලා යටින් ගිනිතියන ජාතියක් නෙවෙයි අපි. එහෙම දෙකයි පනහේ වැඩ නෑ.. ගේම නං ගේම.. එලියෙන් එලියෙ. හිතන්නෙත් එකයි කියන්නෙත් එකයි. එහෙම වංචා කරන්න බෑ අපිට. මාධ්‍ය වලිනුත් ඉල්ලන්න එහෙම සාකච්ඡාවකට අවස්ථාවක් ඇතිකරන්න.. නැත්තං මේක එන්න එන්න ව්‍යාකූල වෙනවා.
අම්පාර සිද්ධියෙන් පස්සෙ අපිට ඇවිත් තියෙනවා සිද්ධි 15ක්.. බඩුත් එක්ක.. හැබැයි අපි ඒවා කියන්නෑ.. මොකද ඒවා විද්‍යාත්මක ලෙස තහවුරු කරගන්නෙ නැතුව එලියට දාලා වැඩක් නැති නිසා. ඕනැම තැනක ඵලයක් හැදෙන්නෙ නෑ හේතුවක් නැතුව. ඒවා ගැන හොයන්න ඕනි. අම්පාරෙ ඵලයට හේතුව හොයන්න ඕනි. සතකුප්ප ගේනවා.. එක්දහස් ගානක් ඇවිත් ඉන්නවා පෙරියමුල්ලෙ.. ඒ අය මත්පෙති මත්කුඩු විකුනනවා. මහ විශාල ප්‍රශ්න ගොඩක්. අදටත් අම්පාරෙ රසපරීක්ෂක වාර්තාවක් එලියට දාලා තියෙනවද ?

දැන් මේ සිද්ධිය සිංහල පාර්ශවයක් අතින් මුස්ලිම් කෙනෙක් මැරුණ නං කොහොමද හෙඩ්ලයින් වෙන හැටි? දැන් මේක මිනිස්සුන්ට අප්සට්..! ඒකනෙ ඊයෙ මාධ්‍ය යනකොට මිනිස්සු දැන් ඔය මාධ්‍ය ඕනි නෑ කියලා කෑ ගැහුවෙ. මේ සිදුවීමට අදාල මාධ්‍ය වාර්තා නොකිරීම නිසා තමයි මේ සිද්ධි තවත් උඩුදුවන්නෙ. මොකද අදාල අය අත්අඩංගුවට අරන් කියලා අල්ලපු ගමේ අයවත් දන්නෙ නෑ. ඒවා හරියට වාර්තා කලා නං මේ වගේ විනාශයන් වෙන්නෙ නෑ..! හැබැයි කොහේ හරි සිද්ධියක් වුනහම මුස්ලිම් සංවිධාන ගිහින් ගතු කියන්නෙ ජාත්‍යන්තරයට..! දැන් ගිංතොට සිද්ධිය ඇතිකලේ මුස්ලිම් පාර්ශවය. අපි ගිහින් ඒක නිව්වා. ඒක නිවීමෙන් රට තේරුම්ගත්තා වැරදි පාර්ශවය මුස්ලිම් අය කියලා. අපිට ඊයෙ එහෙට යන්න අවස්ථාවක් තිබුනා නං සමහරවිට මේක නිවන්න තිබුනා. හැබැයි සතියකට පාරක් උසාවි යන්න සිදුවෙලා තියෙන නිසා ඊයෙ මට යන්න ලැබුනෙ නෑ එහෙට. දැන් මේකෙ සිංහලයො ගැහුවෙ නෑනේ මුලින්.. මොකද්ද මේ හතරදෙනෙකුට පස්සෙන් පන්නගෙන ඇවිත් ගහන්න තරම් හේතුව කියලා හොයන්න ඕනි. ඒ හතරදෙනා පස්සෙ ඉන්නෙ කව්ද? මේ අයගෙ අගමුල ලින්ක්ස් සෙවිය යුතුයි. මුස්ලිම් සිංහල කෝලාහලයක් හදාගත්තහම මුස්ලිම් අයට නිකං කන්න පුලුවන්… ඇයි පිටරටින් දෙනවනෙ ආධාර.. ඒ නිසා ඒ නිසා එහෙම හිතාගෙන ජිනීවා සමය කිට්ටුවෙන කොට මේ වගේ ප්‍රශ්න ඇතිකරනවද කියලා සොයාබැලිය යුතුයි.
බදුර්දීන් ඇමති කියලා බොරු කියලා තියෙනවා මම ඊයෙ එහෙ ඉදලා තියෙනවා කියලා. අනික.. රිෂාඩ් බදුර්දීන්ට පුලුවන් නං මුස්ලිම් අයට ප්‍රශ්නයක් වුනහම පල්ලිය ඇතුලට රිංගන්න.. ඇයි මට බැරිද සිංහලයෙක් මැරුනහම එතනට යන්න ?

බදුර්දීන්ටත් කිය යුතුයි පරෙස්සං වෙලා ඉන්න කියලා.. ජනාධිපති තුමාටත් කියනවා බැදලා දාගන්න කියලා.. මොකද කෝපයකින් ඉන්නෙ උන්නැහෙත් එක්ක මිනිස්සු…

සම්පූර්ණ වීඩියෝව…

Related posts

තවත් කොරෝනා ආසාදිතයන් 09 දෙනෙකු හදුනා ගැනේ

colombotoday

කොරෝනා භිතිකාව ඇමරිකාවටත්…. පළමු රෝගියා වොෂින්ටනයේ දී මිය යයි !

colombotoday

වරාය විකුණන්න හදන්නේ ආණ්ඩුවේම බලවතුන් පිරිසක්.. මළත් විකුණන්න දෙන්නෑ.. වරාය නි. ඇමති

colombotoday

රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළේ සම්මුඛ පරීක්ෂණ අද සිට !

colombotoday

ඩොලර්වලට යටවෙච්චි අයට බැරිද ඕන දෙයක් කියන්න.. ශිරන්ති නෙවෙයි ඊළගට ගන්නෙ මම – මහින්ද පුරවැසි බලයට පිළිතුරු දෙයි

colombotoday

19 සංශෝධනය යටතේ අගමැති ඉවත්කළ නොහැකියි

colombotoday