Colombo Today Local Newsකරණම

ජනතා අපේක්‌ෂා වෙනුවෙන් තනතුරු හැර සටන් කරනවා – ජනපති මෛත්‍රිපාල සිරිසේන කියයි

දූෂණයට, වංචාවට එරෙහිව තීන්දු තීරණ ගන්නාවිට එයට විරුද්ධව තමාට චෝදනා එල්ල කරන්නේනම් තමන් සියලු තනතුරු අතහැර ජනතාව සමග එක්‌ව එම සටන ඉදිරියටම ගෙන යාමට සූදානම් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (24 වැනිදා) පෙරවරුවේ නිකවැරටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක්‌ අමතමින් පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ ආණ්‌ඩුව වැරදි කළ නිසා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ අපේක්‌ෂකයා 2015 වසරේදී පරාජයට පත්වූ අතර, එක්‌සත් ජාතික පක්‌ෂයේ පිරිස්‌ ද ආණ්‌ඩුව තුළ සිටිමින් එම වැරදි සහ අඩු පාඩු එලෙසම සිදු කරන්නේනම් ජනතාව එය අනුමත නොකරන බව ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

පැවති දූෂිත පාලනය වෙනස්‌කර ජනතාව අලුත් ආණ්‌ඩුවක්‌ බලයට පත්කර ගත්තේ නිවැරදි වැඩපිළිවෙළක්‌ ස`දහා බව අවධාරණය කළ ජනාධිපතිතුමා එම ජනතා අපේක්‌ෂාව ඉටුකිරීම වෙනුවෙන් නිවැරදි ගමනක්‌ යාමට සියලුදෙනා සූදානම් විය යුතු බව ද අවධාරණ කළේය.

වෙන්වීම පහසුවන අතර, එක්‌වීම අපහසු බව ස`දහන් කළ ජනාධිපතිවරයා දේශපාලන ළදරුවන් නොවී පරිණත සහ බුද්ධිමත් දේශපාලනඥයින් ලෙස බෙදීම්වලින් තොරව රට වෙනුවෙන් ඉදිරියට යැම සියලුදෙනාගේ වගකීම බවත්, දේශපාලන බලය හා පුද්ගලික න්‍යාය පත්‍රවලට අනුව කටයුතු නොකර රටට හා ජනතාවට ආදරය කරන දේශපාලනඥයින් බවට සියලුදෙනා පත්විය යුතු බවත් කියා සිටියේය.

කවුරුන් කෙසේ කීවද තම වසර 50 ක දේශපාලන ජීවිතය තුළ සැමදා කැපවූයේ පිරිසිදු සහ යහපත් දේශපාලන සංස්‌කෘතියක්‌ ස`දහා බව පැවසූ ජනාධිපතිතුමා එම දිගුකාලීන දේශපාලන ගමනක මහ`ගු අත්දැකීම් සම්භාරය තුළ තමන් සෑම අවස්‌ථාවකම ඉතා ඉවසීමෙන් සහ උපේක්‌ෂා සහගතව කටයුතු කරන බවත්, තමන් පුරුදුවීමට දේශපාලනයට පැමිණි අයෙකු නොවන බවත් ස`දහන් කළේය.

පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිළිබ`ද චෝදනා එල්ල කළ ද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට ද අවශ්‍යව ඇත්තේ ඉතා ඉක්‌මණින් මැතිවරණයකට යාමට බව පැවසූ ජනාධිපතිවරයා ඒ ස`දහා අවශ්‍ය සියලු කැපවීම් මේවන විට සිදුකර තිබෙන බව කියා සිටියේය.

19 වන ව්‍යවස්‌ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගනු ලැබුවේ එක්‌සත් ජාතික පක්‌ෂයට පාර්ලිමේන්තුවේ ආසන 47ක්‌ පමණක්‌ පවතින අවස්‌ථාවේදී වන අතර, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ 142 ක්‌ ඒ ස`දහා ඡන්දය ලබාදුන් බව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ශක්‌තිමත් කළ යුත්තේ මැතිවරණ ජයග්‍රහණ ස`දහා පමණක්‌ නොව යහපත් දේශපාලන සංස්‌කෘතියක්‌ වෙනුවෙන් බවද පැවසීය.

රටේ වත්මන් සංවර්ධන වැඩපිළිවෙළ සහ ජනතාවගේ ආර්ථිකය ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබ`දව ද අදහස්‌ දැක්‌වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ තමාගේ උපදෙස්‌ පරිදි මසකට රුපියල් බිලියන 06 කට වැඩි මුදලක්‌ මේ වන විට නිය`ගයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම ස`දහා රජය වැය කරන බවයි.

වයඹ ජනතාවගේ උපහාරය ජනාධිපතිවරයා වෙත පිරිනමමින් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්‌ඩාරනායක මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක්‌ ද පිළිගැන්වීය.

වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා, නියෝජ්‍ය අමාත්‍ය තාරානාත් බස්‌නායක, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ තරුණ සංවිධානයේ සභාපති ශාන්ත බණ්‌ඩාර, වයඹ පළාත් අමාත්‍ය ලක්‌ෂ්මන් වෙඬරුව, ආනන්ද සරත් කුමාර, ආනන්ද ජයලත්, කමල් ඉන්දික, නිලන්ත සුපුන් රාජපක්‌ෂ යන මහත්වරුන් ඇතුළු පළාත් පාලන නියෝජිතයින්

රැසක්‌ මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ.

Related posts

ශ්‍රීලනිප මන්ත්‍රීන්ට නැවතත් රතු එළි.. 65ට නා අයට විනය පියවර ගන්න යයි!

colombotoday

තවුහිද් ජමාත් සංවිධානයේ න්‍යායාචාර්යවරයා ලෙස නවුෆර් මවුලවි කටයුතුකර ඇති බවට හෙළිදරවුවක්

colombotoday

ජාතික ජන බලවේගයේ එක් පාර්ශවයක් මෙරට තුල තහනම් කිරීමට පාස්කු කොමිසමෙන් නිර්දේශ.

colombotoday

අයේශා දැරිය ඝාතනය : කීර කොටු ගෙවියෙක් සැකපිට පොලිස් බාරයට

colombotoday

පරගහදෙණිය ප්‍රදේශයේ පාසල් සිසුවෙකු අනතුරකින් ජීවිතක්ෂයට

Admin

අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගන්වයි

Admin