Colombo Today Local News

ජනපති මෛත්‍රී අකිහිතෝ අධිරාජයා හමුවෙයි

ජපාන – ශ‍්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජපාන අකිහිතෝ අධිරාජයා අතර හමුව අද (13 දා) පෙරවරුවේ සිදුවිය.

ටෝකියෝ නුවර පිහිටි ඉම්පීරියල් මන්දිරය වෙත ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ජයන්ති සිරිසේන මැතිණිය අකිහිතෝ අධිරාජයා සහ මිචිකෝ රැජිණ විසින් ඉතා උණුසුම් හා සුහදශීලි ලෙස පිළිගනු ලැබීය.අනතුරුව නායක දෙපළ සුහද කතා බහක නිරත විය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ පැමිණීම පිළිබඳව සිය සතුට පළ කළ ජපාන අධිරාජයා දෙරට අතර අතීතයේ සිට පවතින ශක්තිමත් සබඳතා මෙම සංචාරය තුළින් තවදුරටත් තහවුරු වනු ඇති බව කියා සිටියේය.

එහිදී ජපානයේ රාජ්‍ය සංචාරයක් සඳහා කළ ආරාධනයට සිය ස්තූතිය පළකළ ජනාධිපතිතුමා දෙරට අතර සබඳතා සෑම අතින්ම ශක්තිමත් කර ගැනීම තම අපේක්ෂාව බව සඳහන් කළේය.

1981 වසරේදී පමණ තමා ශ‍්‍රී ලංකාවේ සිදුකළ සංචාරය සිහිපත් කළ ජපාන අධිරාජයා එම සංචාරයේදී මහනුවර ඓතිහාසික දළදා මන්දිරය වැඳ පුදා ගැනීමට තමාට අවස්ථාව ලැබුණු බව පැවසීය.එමෙන්ම එම සංචාරයේදී ශී‍්‍ර ලාංකික ජනතාවගෙන් ලැබුණු ඉහළ පිළිගැනීම ද ජපන් අධිරාජයා ගෞරවයෙන් සිහිපත් කළේය.

ජපානය ස්වභාවික ආපදාවන්ට මුහුණ දුන් අවස්ථාවලදී ශ‍්‍රී ලංකාව සැබෑ මිත‍්‍රයෙක් ලෙස හැකි පමණින් ජපානයට දැක්වූ සහය කෘතවේදීව සිහිපත් කළ ජපාන අධිරාජයා ශ‍්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවක සහය ලබාදීමට සූදානම් බව ද ප‍්‍රකාශ කළේය.

මෙම හමුවෙන් අනතුරුව ඉම්පීරියල් මන්දිරයේ අසිරිය නැරඹීමට ද ජනාධිපතිතුමා සහ අකිහිතෝ අධිරාජයා එක්විය.

ජනාධිපති මාධ්‍ය අංශය

Related posts

අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව 21ක් දක්වා ඉහළට

colombotoday

නාත්තන්ඩියේ ෆාරුක්ගේ නිවසේ තවත් 5 දෙනෙකුට කොරෝනා. මාස තුනක බිළිඳියකුත් ඒ අතර

colombotoday

දේශපාලනඥයන් ආ ගිය දේවාලයක කපුවෙක් සිසුන්ට ලිංගික හිංසන කර වීඩියෝ පිටරටට විකුණලා

colombotoday

නාවික හමුදාවට ඉන්දියාවෙන් අධිතාක්ෂණ නැවක්

colombotoday

ප්‍රභූ රථපෙලට විරෝධය දැක්වූ පුද්ගලයා අත්අඩංගුවට

colombotoday

විදේශ කටයුතු ඇමති පොදුරාජ්‍ය මණ්ඩලයීය දින සැමරුම් උළෙලට එක්වෙයි.

Admin