Uncategorized

පිරවුම්හල් අසල කලබල කලොත් තෙල් දෙන්නේ නෑ!

බලශක්ති ඇමති දැඩි ප්‍රතිපත්තිමය තීරණයක් ගනී
ඉන්ධන බවුසර් වලට ජනතාව විසින් සිදුකරන බලපෑම් දිගින් දිගටම පැවතියහොත් බෙදාහැරීම් කටයුතු අත්හිටුවීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

බවුසර් රථ ඇනවුමට අදාළ නොවන ඉන්ධන පිරවුම්හල් වෙත ගොඩබාන ලෙස ජනතාව විසින් බලපෑම් සිදුකරන බවත් එසේ නොකළහොත් බවුසර් රථ සඳහා ගිනිතබන බවටජනතාව විසින් තර්ජනය කිරිමේ සිදුවීම් වාර්තා වන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ආරක්ෂාව තහවුරු නොකරහොත් සියලුම ඉන්ධනහල් වසා දැමීමට තීරණය කරන බව ඉන්ධන පිරවුම් හල් හිමියන්ගේ සංගමය තමාට පැවසූ බව බලශක්ති අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව ඉන්ධන පිරවුම්හල් අසල මාර්ගය අවහිර කරමින් හෝ පිරවුම්හල් අසල කලහකාරී ලෙස හැසිරෙන්නේ නම් එවැනි පිරවුම්හල්වලටද ඉන්ධන ප්‍රවාහනය නොකිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසීය.

Related posts

ජනක රත්නායකට තර්ජනය කර කප්පම් ගත් තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

දස හැවිරිදි දැරියක් ඉන්ධන බවුසරයට යට වෙයි

Admin

මහජන සාමය ආරක්ෂාවට ජනපති සන්නද්ධ හමුදා කැඳවයි

colombotoday

කොවිඩ් ආසාදනය වූ මාස 7ක ගැබිනි මවක් මිය යයි

colombotoday

ඥාණසාර හිමි සහ ඒකාබද්ධ විපක්ෂය මැගසීන් බන්ධනාගාරයට

colombotoday

තව ඉවසන්නෙ නෑ… මහ විනාශයක් වෙයි… පල්ලි සෝදිසිය වහා නවතනු – ආණ්ඩුකාර සාලි තර්ජණය කරයි

colombotoday